ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුව, ලබන සැප්තැම්බර් 26 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු S. ශෂී මහේන්ද්‍රන් අද නියෝග කර බව වාර්ථා වේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක කළ කරුණු දැක්වීමක් සලකා බලමින් මෙලෙස නඩුව කල්දැමූ බව පැවසේ.
එම නඩුවේ මුල් සාක්ෂි කිහිපය පූර්වගාමි විනිසුරු ආර් ගුරුසිංහ ඉදිරියේදී ලබාගෙන ඇති බැවින් ඉදිරි නඩු විභාගය සඳහා ද එම විනිසුරුවරයා පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරවයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අගවිනිසුරුවරයාගේ ස්ථාවරය දැනුම් දෙන තුරු නඩුව කල් තබන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.
The post ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි. appeared first on Lanka News Column.


0 Comments