Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අස්ථානගත වූ ලක්ෂ 51 ගැන සොයන්නැයි පැමිණිල්ලක්.

CIABOC

සීමානිර්ණ වාර්තාව සැකසීමට අදාළව වැය කළ මුදල් සම්බන්ධව හෙළි කළ ගණන් හිලව්වල රුපියල් ලක්ෂ 51 ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධව වහාම සොයා බලන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (28) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.

සීමානිර්ණ වාර්තාව සැකසීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වාර්තාවලට අනුව රුපියල් ලක්ෂ 212 ක් වැය වී ඇතැයි ද සීමානිර්ණ සැකසීමට පත්කළ කමිටුවේ ගණන් හිලව් ලක්ෂ 161 යැයි හෙළි වී ඇතැයි ද ඔවුහු සඳහන් කර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ 51 ක් කිසිවකුගේ අතට පත්වුයේ ද යන්න පිළිබඳව වහා සොයා බලන ලෙස ද එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බව පැවසේ.

ආපනශාලා හිමියන්ගේ සංගමය, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය, යතුරු පැදිකරුවන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන මෙම පැමිණිල්ල කර ඇති බව වැඩිදුරටත් වාර්ථා වේ.

The post අස්ථානගත වූ ලක්ෂ 51 ගැන සොයන්නැයි පැමිණිල්ලක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();