ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්න අද(23) ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. ඒ එම කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පෙනී සිටින ලෙස කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව බව පැවසේ.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් යන ආයතනවල සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය. කොමිසමේ විමර්ශනවලට අදාළව එයට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහා අද එහි පෙනී සිටින ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට සහ එහි හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්නට කොමිසම පසුගියදා නොතිසී නිකුත් කර තිබුණි.
ඒ අනුව අද නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රෙස්න කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇත.
ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ කොමිසම හමුවේ මේ වනතෙක් සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් හරහා කොමිසම මේ වනවිට අණාවරන කරගෙන ඇති කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගනිමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.
The post ශ්‍රී ලන්කන් හිටපු සභාපති සහ විධායක නිළධාරී අද ජනපති කොමිසට. appeared first on Lanka News Column.


0 Comments