අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් වැලිකඩ බන්ධනාගාරයෙන් සහ රිමාන්ඞ් බන්ධනාගාරයෙන් පිට පළාත්වලට මාරු කරන ජේලර්, සැරයන් හා නියාමකවරුන් 25 දෙනෙකුගේ මාරුවීම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ විසින් ඊයේ සිට අත්හිටවනු ලැබ ඇත. බන්ධනාගාර ජේලර් සංගමය, සැරයන් සංගමය හා නියාමක සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හමුවී කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වේ.
ඉතා අසාධාරණ ලෙස මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට සේවක සංගම් නියෝජිතයන් මෙහිදී චෝදනා කර ඇතැයි පැවසේ.
මෙසේ මාරු කර හරිනු ලැබූ පිරිස අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජේලර්වරු 7ක් හා වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරු 4ක් ද වන බවත් සඳහන් වේ.
The post අමාත්‍යාංශය දුන් මාරුවීම් 25ක් බන්ධනාගාර අධිකාරී අත්හිටුවයි. appeared first on Lanka News Column.


0 Comments