Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව මේ අවුරුදු 03ට කළේ ආණ්ඩුව නොකරන එක විතරයි..

Vijitha_JVP_25

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් රට හදන, රට රකින, ජනතාවාදී පාලනයක් මැයෙන් රට පුරා ජනහමු දසදහසක වැඩසටහනක් මේ දිනවල කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙහි අරමුණ වී ඇත්තේ රට ගොඩනැගීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනතාව සමඟ සමීපව සාකච්ඡා කිරීමයි. මෙම ජනහමු මාලාවේ එක වැඩසටහනක් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් කෑගල්ලේදී පැවැත්විය. ජනහමුවේදී මන්ත‍්‍රීවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාව සමඟ අදහස් හුවමරු කර ගැනීමද සිදුවිය.

“ඇත්තටම මන්ත‍්‍රීතුමා අපිට තියෙන ප‍්‍රශ්නය ආණ්ඩුවක් තියෙනවද කියන එකයි.” ජනහමුවට පැමිණ සිටි ව්‍යාපාරිකයෙක් විමසා සිටියේය.

“ඒක ඇත්ත ප‍්‍රශ්නයක්. මේ ආණ්ඩුව යන්නේ හවුල් ආණ්ඩුව කියන ලේබලය ගහගෙන. නමුත් වැඩක් කරන්න ගියාම අගමැතියි, ජනාධිපතියි ගැටුම්; ජනාධිපතියි කැබිනට් එකයි ගැටුම්; කැබිනට් එකයි මුදල් ඇමතියි ගැටුම්. ඉතිං කොහොමද ආණ්ඩුවක් කරන්නේ. අපේ රටේ ආණ්ඩුවක් නැහැ. හැමෝම එකතුවෙලා තමන්ගෙ වැඩ ටිකක් කරගත්තා. ඒ තමයි කැබිනට් මණ්ඩලය හතර පස් වතාවක් වෙනස් කරගත්තා. ඉන්ධන මිල මාසෙන් මාසෙට වැඩි කරන්න මිල සූත‍්‍රයක් හදාගත්තා. බදු වැඩි කළා. බඩු මිල වැඩි කළා. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට දීමනා වැඩි කරගත්තා. අයවැයෙන් වෙන් කරගත්ත සල්ලි මදි වුණාම පරිපූරක දාලා සල්ලි වෙන්කර ගත්තා. කලා නිර්මාණ වාරණය කරන්න පටන් ගත්තා. ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තරයක් නැහැ. අවුරුදු 03ක් එකම ප‍්‍රශ්න පල්වෙනවා. හොරු, මංකොල්ලකාරයෝ සතුටින් ඉන්නවා. ඒ අතරේ ආණ්ඩුව බැංකු කැඩුවා. එච්චරයි” විජිත හේරත් කියා සිටියේ.

The post ආණ්ඩුව මේ අවුරුදු 03ට කළේ ආණ්ඩුව නොකරන එක විතරයි.. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();