ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනයේදීම උපත ලැබූ බිළිඳියකුට ‘ඒෂියන් ගේම්ස්‘ ලෙසින් නම් තැබීමේ පුවතක් ජකාර්තා නුවරින් වාර්තා වෙයි.
‘මම ඇයට ඇය කැමැති ඕනෑම ක්‍රීඩාවක් කරන්න ඉඩ දෙනවා. එවිට ඇය කවදාහරි දවසක ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවක් වේවි.‘ බිළිඳියගේ පියා වන 38 හැවිරිදි යෝර්ඩේනියා ඩෙනී එසේ ප්‍රකාශ කළ බව එරට ‘කොම්පාස්‘ පුවත්පත සඳහන් කරයි.
මේ බිළිඳියගේ සම්පූර්ණ නම අබිඩා ඒෂියන් ගේම්ස්ය. ඇය උපන්නේ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භය ජකාතර්තා නුවර ජෙලෝරා බන්ග් කාර්නෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මොහොතකට පෙරය.
ඩැනීගේ විමතියට කරුණ වූයේ ඔහුගේ බිරිය වන 38 හැවිරිදි වේරා නෝවාගෙත් සිවුවැනි දරුවා මෙලොවට බිහිවීම සැප්තැම්බර් මාසයේදී සිදුවනු ඇතැයි වින්නඹු මාතාව අනාවැකි පළකර තිබීමය.

0 Comments