Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට රොකට් ප්‍රහාර

ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ඊද් අල්- අද්හා (Eid al-Adha) උත්සවය වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමින් සිටින අවස්ථාවේ දී ජනාධිපති මන්දිරය වෙත රොකට් ප්‍රහාර කිහිපයක් පමණ එල්ල වී ඇත. මෙයින් කිසිවකුටත් තුවාල සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාන් අඝා පවසන්නේ රූපවාහිනියේ විකාශය වූ ඝානිගේ කතාව අතර මේ ප්‍රහාරයේ හඬ ඇසුණ බවයි. එක්වර එම හඬ ඇසීමෙන් සිය කතාව මදක් වෙනස් කරමින් "රොකට් ප්‍රහාරයෙන් ඇෆ්ගන් ජාතිකයන් පෙළීමට හැකියි කියා ඔවුන් සිතන්නේ නම්, ඔවුන් වැරදියි" යැයි ප්‍රකාශ කර තිබේ.

පළමු රොකට් ප්‍රහාරය ජනාධිපති මන්දිරය ආසන්නයේ පතිත වූ බවත්, දෙවැන් නේටෝ හා කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාල සංකීර්ණය අසලටත් පතිත වූ බව පොලිසිය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();