Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විෂයමාලා වෙනස් නොකර ඉදිරියට යන්න බැහැ.

Akila_Viraj

විෂයමාලා වෙනස් කිරීම ලේසි නැති බවත්  හැබැයි අපි වෙනස් කළ යුතුව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ  පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධනය සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් වන චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“ජාතික අධ්‍යාපන ආයතනයට  අපි දැන් කියලා තියෙනවා ඔක්කොම විෂය මාලා වෙනස් කරන්ඩ කියලා. ඇයි කරන්ඩ බැරි, කරන්ඩ බැරි මේ එක එක ගුරු කුල හදාගෙන සමහර අය ඒකේ අයිතිකාරයෝ වෙලා. සමහර අය වෙනස් කරන්ඩ කැමති නෑ. යාවත්කාලීන කළොත් ටියුෂන් පංතියට වදිනවා. අනෙක් පැත්තෙන් ගුරුවරු කැමති නෑ අලුත් දේවල් අරගෙන ආපහු හදාරන්ඩ ඕන. හැමදාම ඉගෙන ගත්ත දේම දෙන්ඩ තමයි ඒගොල්ලො කැමති. වෙනස්කම් වලට කැමති නෑ.  ඊට පස්සේ රටේ මතයක් හදනවා. මාධ්‍ය වලට දෙනවා. ඉතින් මේවා වෙනස් කරන ඒක ලේසි නෑ. හැබැයි අපි වෙනස් කළ යුතුව තිබෙනවා. එහෙම නැත්තම් අපි ඉස්සරහට යන්නේ නැහැ. සමහර විෂයන් යල්පැන ගිහිල්ලා තියෙනවා. වසරක් තුළ ආවරණය කරන්ඩ බැරි විෂය පථයක් තියෙනවා. ඒවා අයින් කරන්ඩ ගියත් ප්‍රශ්න. ඊට පස්සේ ඒවා අලුත් කරන්ඩ ගියත් ප්‍රශ්න. මේ අමාරු කාර්යභාරයක් අපි කරගෙන යන්නේ. විද්‍යා පීඨවලටත් අපි තීරණය කරලා තියෙනවා ඒ වෙනස්කම් ටික කරන්ඩ. විද්‍යා පීඨ වල තියෙන පාඨමාලාවන් දැන් යල් පැන ගිහිල්ලා වැඩියි. ඒ වගේම දැන් ඉංග්‍රීසි ගුරුවරු සීයක්  අපි යවනවා එංගලන්තයේ.  විශාල මුදලක් වියදම් කරලා අවුරුද්දක ඩිප්ලෝමාවක් දෙන්ඩ. ඒ ගොල්ලෝ ගෙනල්ලා කෙළින්ම විද්‍යා පීඨ වල ගුරුවරුන් පුහුණු කරන්ඩ දානවා. අපිට උවමනාව තියෙන්නේ සංදර්ශන දදා ඉන්ඩ නෙමේ. මේ වැඩේ හරියට කරන්ඩ.”

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ පාසලේ සංවර්ධනය වෙනුවෙන් විදුහල්පතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් සකස්කිරීමට 2015 වසරේ සිට කටයුතු කළ බවත් ඒ අනුව මෙම මුල්‍ය ප්‍රදානය ද සිදු කරන බවයි. මානව සම්පත් සංවර්ධනය සඳහා පුහුණුව අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන සේවකයින්ට ද පුහුණුව ලබා දීම අත්‍යවශ්‍ය බව ද අවධාරණ කළා.

පාසල් පාදකව මානව සම්පත් ප්‍රවර්ධන සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීමත් පාසලේ සමස්ත ගුණාත්මක සංවර්ධනය සඳහා පාසල සතු මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිව යොදාගැනීම පිණිස අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය ලබාදීමත් අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වල මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දී තිබෙන අතර ඒ සඳහා ඇති ඇති උපදෙස් මාලාව අනුව විදුහල්පතිවරුන් විසින් සකස්කර අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ව්‍යාපෘති වාර්තා අනුව අදාළ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් විදුහල්පතිවරුන් වෙත මෙම ප්‍රතිපාදන ලබා දීම සිදුකරනු ලබයි.

The post විෂයමාලා වෙනස් නොකර ඉදිරියට යන්න බැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();