Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විගණකාධිපති වැටුප ප්‍රමාද කිරීම ගැන විගණන සංගමයෙන් චෝදනා.

lnc 4

විගණකාධිපතිවරයාට හිමි වැටුප අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ප්‍රමාද කිරීම මූල්‍ය යහපාලනය තුරන් කිරීමට ගන්නා වෑයමක් බවට විගණන සේවා සංගමය සඳහන් කර සිටී. එහි සභාපති, නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ මහතා සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන දැනුම්වත් කිරීමට ද සිය සංගමය පියවර ගන්නා බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කර ඇත්තේ  තමන්ට හිමි වැටුප මේ දක්වා පාර්ලිමේන්තුවේදී අනුමත නොවුන ද වැටුප ගැන නොසිතා රට වෙනුවෙන් සිය රාජකාරිය පෙර පරිදිම ඉටු කරන බවයි.

විගණකාධිපතිවරයාගේ වැටුප් අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර තිබු යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ඉල්ලා අස්කර ගෙන තිබේ.

The post විගණකාධිපති වැටුප ප්‍රමාද කිරීම ගැන විගණන සංගමයෙන් චෝදනා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();