Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍යවරයෙකු යෝග බෝලයකින් සිය බිරිඳ සහ දියණිය ඝාතනය කරයි.

Yoga_Ball

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පවසා ඇති අතර බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව වී ඇති බව සඳහන් වේ. 2015 වසරේදී එම මව සහ දියණිය වසා තිබුණ කාරයක් තුළ මියගොස් සිටි බවත් මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්ෂණවල දී පොලිසියට නිවැරදි නිගමනයකට එළැඹීමට අපහසු වී තිබුණු බවත් පැවසේ.

එමෙන්ම මෙම ඝාතන සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව වෛද්‍ය Khaw Kim-sun පවසා ඇත.

මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය මියගොස් ඇත්තේ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වීමෙන් බවත් ඔවුන් සතු කහ පැහැති ‘මිනි කූපර්’ වර්ගයේ මෝටර් රථය පිටුපස තිබී යෝග ව්‍යායාම සඳහා භාවිත කරන සුළං බැස ගිය බෝලයක් සොයා ගත් බවත් සඳහන් වේ.

හොංකොං චීන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Khaw Kim-sun යෝග බෝල දෙකකට කාබන් මොනොක්සයිඩ් වායුව පුරවන ආකාරය දුටු බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසා ඇති බවත්  හාවන් මැරීමට මෙම වායුව යොදා ගන්නා බව ඔහු සිය මිතුරන්ට පවසා ඇති බවත් නමුත්, වාර්තාවේ දැක්වෙන පරිදි ඔහු පොලිසියට පවසා ඇත්තේ සිය නිවසේ මීයන් මැරීමට මෙම වායුව යොදා ගත් බවත් යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම ඝාතන නඩුව තවදුරත් අධිකරණයේ විභාග කෙරෙනු ඇති බව සඳහන් වේ.

The post වෛද්‍යවරයෙකු යෝග බෝලයකින් සිය බිරිඳ සහ දියණිය ඝාතනය කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();