Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිදුවුණේ මොකක්ද කියා හිතා ගන්න බැරිවුණා

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ මීටර් 800 පිරිමි ඉසව්වෙන් ඉඳුනිල් හේරත්ට 8 වැනි ස්ථානයෙන් සෑහීමට සිදුවිය.තරගයෙන් අනතුරුව ‘දිනමිණ’ට අදහස් දැක්වූ ඉඳුනිල් කියා සිටියේ මේ තරගයේදී තමන් සිතා සිටි අයුරින් තරග කිරීමට නොහැකිවීම පළමු වරද බවත් ඒ හේතුවෙන් ජයග්‍රහණයක් ලබාගත නොහැකි වූ බවත්ය.

“මම හිතපු විදිහට මට දුවන්න බැරිවුණා. මට මොකක්ද වුණේ කියලා මට හිතාගන්න බැරිවුණා. මම වාර්තා කළේ හොඳ කාලයක් නොවෙයි. මම මූලික වටයේ දිව්ව විදිහට දිව්ව නම් අඩුම ගානේ මට 3-4 ඇතුළෙවත් ඉන්න තිබුණා කියලා මම හිතනවා“ තරගයේ යෙදෙන අතරතුරදී තමා හිරවුවා සේ දැනුන බවත් ඉන් එළියට ඒමට සටන් කළ බවත් පැවැසු ඉඳුනිල් තමගෙන් කුමක් හො අඩුපාඩුවක් සිදුවූ බවක් දැනෙන බවද සඳහන් කළේය.

‘මම විශ්වාස කරනවා මගේ වරදක් වුණා කියලා. එක පාරටම තරගය මැද දී මට අමාරුවක් වගේ දැනුණා. මම එක පාරට බොලොක්වුණා වගේ වුණා. මම ෆයිට් කලා එකෙන් එළියට එන්න. ඒත් මගේ මොකක් හරි අඩුපාඩුවක් වුණා කියලා මට ලොකුවට තේරෙනවා. මට ගොඩක් ආදරය කරපු පසුපසින් ඉදන් ගොඩක් උදව් කරන අයට මම ස්තුති කරනවා. විශේෂයෙන් මගේ පුහුණුකරු, ප්‍රේක්ෂකයන්ට මට ස්තුති කරනවා. මම මෙතනට ඇවිල්ලා ආසියාවේ 8 වැනියා හරි වුණා. සියලුම දෙනාට මම ස්තුති කරනවා’ යැයි ඔහු අවසන් වශයෙන් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ තරගයේ පදක්කම් දිනා ගනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළ ජපානයේ ෂෝ කවමොටෝ සහ කටාරයේ ජමාල් හයිරානාටද පදක්කම් අහිමි වූහ. ජපන් ක්‍රීඩකයා විනාඩි 1:50.87කින් 7වැනියා බවට පත්වූ අතර කටාර් ක්‍රීඩකයා 6 වැනි ස්ථානයට පත්විය.

‘ඉදිරියට මගේ එකම බලාපොරොත්තුව ලබන වසරේ ලෝක ශූරතාවලියට සහභාගිවන එක. මම හිතන් ඉන්නේ කොහොම හරි ඒකේ අවසන් තරගය දක්වා දුවනවා කියලා. මම ඒ තැනට යන්න උත්සහ කරනවා.’ ඉඳුනිල් පැවැසීය. මේ තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේදී ඉඳුනිල් හේරත් විනාඩි 1:47.54කින් තරගය අවසන් කළ අතර අවසන් තරගයේදී ඔහුට වාර්තා කළ හැකිවූයේ විනාඩි 1:51.36ක කාලයකි. අවසන් තරගයේදී තමන් සැලසුම් කළ පරදී තරග කිරීමට නොහැකිවූ බවත් මේ තරගයේ කාලය හොඳ එකක් නොවන බවත් ඔහු කීය.

ගයන්තිකා දුක් වෙයි

ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන සතුටට පත්වූවත් එහිදී තමා වාර්තා කළ කාලය ගැන සෑහීමට පත් නොවන බව කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් තරගයේදී 6 වැනි ස්ථානයට පත්වූ ගයන්තිකා අබේරත්න කියා සිටියාය.

තරගයෙන් අනතුරුව ‘දිනමිණ’ට අදහස් දැක්වූ ගයන්තිකා මේ තරගයේ කාලය හොඳ නොවු බවත් ඉදිරියේ පැවැත්වෙන තරගවලදී හොඳ කාලයක් වාර්තා කිරීම තම බලාපොරොත්තුව වූ බවත් පැවැසුවාය.

මීටර් 800 ඉසව්වේ අවසන් තරගයේදී ඇය විනාඩි 2:05.50කින් තරගය නිම කළ අතර එහි මූලික වටයේදී ඇයට වාර්තා කර තිබුණේ 2:06.31කි.

“මට දුකයි මගේ වේලාව දුවන්න බැරි වෙච්ච එක ගැන. ඒක දිව්වනම් අද රටට පදක්කමක් තියෙනවා. නමුත් මට මගේ කාලය දුවන්න බැරිවුණා. ඒත් අවසන් තරගයට හරි සහභාගි වෙන්න පුළුවන් වීම ගැන සතුටට පත්වෙනවා.’

මේ රටේ පවතින දේශගුණයත් සමගින් තමා සෙම් ගතියකින් පෙලුනු බවත් ඒ හේතුවෙන් හොඳ තරගයක් ලබා දීමට නොහැකිවූ බවත් පැවැසූ ඇය 6 වැනි තැන හෝ ලබා ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් පැවැසීය.

‘ඉදිරියේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලත්, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියත් තියෙනවා. ඒකට සහභාගි වෙන්න තමයි ලබන අවුරුද්දේ සූදානම. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලබන අවුරුද්දේ ඔලිම්පික් පරිසාදන මට්ටම දක්වා දුවන්න. ඒක කරන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා.’

ඉඳුනිල් හේරත් නිරෝෂාන් ප්‍රියංකර ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();