Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහ පැටව් බංගලියෝ පරදවති

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති අන්තර් ජාතික සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල් 1-0ක අනගි ජයක් හිමි වෙයි. මෙය කලකට පසු ශ්‍රී ලංකාව අන්තර්ජාතික පාපන්දු තරගයකදී වාර්තා කළ ජයග්‍රහණයක්වීම විශේෂත්වයකි. වසර 2015දී ඉන්දියාවේ තිවේන්ද්‍රම්හී පැවැති දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් නේපාලය පරාජය කිරීමෙන් අනතුරුව ඊයේ බංග්ලාදේශයට එරෙහි ජය වාර්තා පොතට එක් විය.

බංග්ලාදේශයේ නිල්පාමරි ෂෙයීක් කමාල් ක්‍රීඩාංගණයේදී 20000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති මෙම තරගයේ 10වැනි මිනිත්තුවේදී පිටිය මැද සිට ගෝල් කණුව වෙත මොහොමඩ් ෆසාල් උඩින්ම එල්ල කළ පහර ගෝලයක් බවට පත් විය.

ෆසාල්ගේ වේගවත් පහර ගෝල් කණුවේ සිරස් දණ්ඩේ ගෑවී නොගෑවී ගෝලය තුලට යද්දී බංග්ලාදේශ ගෝල් රකින්නා උඩ පැන වලක්වාලීමට උත්සහා කළද එය ව්‍යවර්තව ශ්‍රී ලංකා බලාපොරොත්තු ආරම්භයේදිම සඵල විය.

අනතුරුව තරගයේ දෙවැනි භාගයේදී බංග්ලාදේශයට ගෝල් ලබා ගැනීමේ කිසිදු ඉඩකඩක් නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ වාසිය සියතට ගෙන ක්‍රීඩා කළහ. සත්කාරක බංග්ලාදේශයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් මැද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිසිදු පීඩනයකින් තොරව ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.ගෝල් කීපර් සුජාන් පෙරේරා තරගය පුරා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ අතර දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආරක්ෂාකාරී ක්‍රමවේද බහුලව අනුගමණය කළහ.

මෙම සුහද පාපන්දු තරගය දකුණු ආසියා පාපන්දු තරගයට පෙර පැවැති හෙයින් රටවල් දෙකටම ඉතා වැදගත් එකක් විය. 20000කට අධික පිරිසක් මෙම තරගය නැරැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර තවත් මිලියන ගනනක් බංග්ලා රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස නැරැඹූහ. එමෙන්ම ෆේස් බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි විශාල ගණනකින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ පාපන්දු තරගය නැරැඹීමේ අවස්ථා උදාවී තිබුණි. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දහස් ගණන් ප්‍රේක්ෂක පිරිසකට ද මෙම සුහද පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකා පිල ජය වාර්තා කරන අයුරු දක්නට ලැබුණි.

පසුගිය කාලයේදී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව තරග 14ක් පවත්වා එයින් බංග්ලාදේශය තරග 9ක් ජයගෙන ඇති අතර තරග 3ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත. තවත් තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

බංග්ලාදේශ පිල මෙම තරගාවලියට පැමිණියේ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමෙන් අනතුරුවය. එහිදී බංග්ලාදේශ 23න් පහළ පිල එක්ව සිටි අතර එයින් දක්ෂතම ක්‍රීඩකයින් දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ බංග්ලාදේශ සංචිතයට එක්කොට තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();