බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සදහා මුතුරාජවෙල ප්‍රදේශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ඉඩමක් ලබාගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. කොළඹ ජාතික රෝහලේ එකතු වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා මහජන පීඩාවක් ඇති වී ඇති බවට මාධ්‍ය මගින් ඊයේ පළ කළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“බස්නාහිර පළාතේ රෝහල්වල එකතු වන සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කළේ පෞද්ගලික සමාගමක් විසින්. එම සායනික අපද්‍රව්‍ය විනාශ කලේ මුල්ලේරියාව මුලික රෝහල් භූමියේ ස්ථානයකයි. ඊට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුනා. එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය ප්‍රකාශ කළේ මහජන පීඩාකාරී තත්ත්වයක් ඇතිවන බැවින් සායනික අපද්‍රව්‍ය විනාශ කිරිමේ ස්ථානය තහනම් කරන බවයි. මෙම ස්ථානයෙන් කිසිදු මහජන පීඩාවක් හෝ පරිසර විනාශයක් සිදු නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධිකරණයට දැනුම් දී තිබුනා. නමුත් ලබා දී ඇති නඩු තීන්දුව හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා. රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා තවත් මහජන පීඩාවක් ඇති වී තිබෙනවා. සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සිදු කරන සමාගම මේ වනවිට එම අපද්‍රව්‍ය එකතු කරමින් තාවකාලිකව වෙනත් ස්ථානයක තැන්පත් කරනවා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර මුතුරාජවලින් ඒ සදහා ඉඩමක් ලබාගත්තා. එම ඉඩම සකස් කර සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම ඉදිරියේදී සිදු කරනවා. එම නිසා ගැටලුවක් ඇති වෙන්න පුලුවන්. නමුත් තාවකාලික පියවරක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේ ද එම අපද්‍රව්‍ය විනාශ කරනවා. මෙවැනි සංවේදී කරුණූ මාධ්‍යයේ පළ කිරීමේ දී දැඩි අවධානය යොමු කිරිම ඉතාම වැදගත්. මෙම ප්රශ්නය පිළිබදව මාධ්‍යට තොරතුරු ලබාදුන්නේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් හෙද සංගමයක් විසින්. ඔවුන් කිසිදු අවබෝධයකින් තොරව තොරතුරු ලබා දී තිබෙනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.”
The post රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඉවත් කිරිමට නව වැඩපිළිවෙළක්. appeared first on Lanka News Column.
0 Comments