Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය ආදායම් පරිගණක පද්ධතිය කැඩී කාර්යාල 16 ක වැඩ නවතී.

Computer_Error

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, රැමික්ස් පරිගණක පද්ධතිය අක්‍රීයවීම නිසා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රදේශීය කාර්යාල 16 ක සියලු කටයුතු ඊයේ අඩාල වූ බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී.  කොළඹ ජාවත්තේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  නගර කාර්යාලයේ දත්ත මධ්‍යස්ථානයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් පරිගණක පද්ධතිය මෙසේ අක්‍රීය වී ඇති බව පැවසේ.

පරිගණක පද්ධතිය අක්‍රීයවීමත් සමග බදු එකතු කිරීම, රේගු නිෂ්කාශන නිරවුල් කර ගැනීම ආදී කටයුතු මුළුමනින්ම නතර වූ බව දැනගන්නට තිබේ. රුපියල් කෝටි 600ක වියදමකින් සිංගප්පූරු සමාගමක් මගින් මෙම “රැමික්ස්” පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර, 2016 වසරේදී නිම කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් 90% ක්ම දැනට සිදු කෙරෙනුයේ මෙම පරිගණක පද්ධතිය හරහා බව ද සඳහන් වේ.

මේ පිළිබඳව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දසනායක පවසා ඇත්තේ, අක්‍රීය වී ඇති පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා පෙරේදා රාත්‍රී 12 සිටම සෑම උත්සාහයක්ම දරමින් සිටින බවය.

The post දේශීය ආදායම් පරිගණක පද්ධතිය කැඩී කාර්යාල 16 ක වැඩ නවතී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();