මහින්ද රාජපක්ෂ රජයේ, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ විසින් එවකට පශු සම්පත් මණ්ඩලය හරහා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි හරකුන් මඟින් දරුණු රෝග දෙකක් මෙරට කිරි හරකුන් හට බෝවෙමින් තිබෙන බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න හෙළි කර සිටී.
එමෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ ඩොලර් බිලියන 8ක් වියදම් කර මෙරටට ගෙන ආ කිරි ගවයින් 5,000 අතුරින් දරුණු තත්ත්වයේ රෝග නිසා කිරි ගවයින් 200ක් පමණ මියගොස් ඇති බවයි. මෙම තත්ත්වය හඳුනාගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ගවයන් සියල්ල රෝග නිරෝධායන පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමෙන් අනතුරුව BBG නම් පාචන රෝගයක් සහ පැසියෝලා පෙසටිකා නම් අක්මා හානි වීමෙන් මරණයට පත්වන රෝගයක් පැතිරෙමින් යන බවත් සොයාගෙන ඇති බවත් පැවසේ.
කිරි ගවයන් ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ගෙන්වීම පිළිබඳ යෝජනාවක් ගෙන එනුයේ 2006දී වන අතර කිරි ගවයන් ආනයනය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියට මුලපුරන්නේ එවකට ඇමතිව සිටි එස්. තොණ්ඩමන්ය. ඊට අදාළව කිරිදෙනුන් 4,500ක් ලංකාවට ගෙන එනුයේ 2011දීය. කෙසේ වෙතත්, කිරි ගවයින් ගෙන්වීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ භාර ගන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහාය. ඒ අනුව 2012දී ගවයන් 500ක්ද, 2013දී 1500ක් සහ 2000ක් වශයෙන් අවස්ථා දෙකකදී ආනයනය කර ඇති බවත් මේ වනවිට බරපතළ රෝගී තත්ත්වය වාර්තා වී තිබෙන්නේ එම කිරි ගවයින්ගෙන් බවත් පැවසේ.
දශ ලක්ෂයකට වැඩි කිරි ගවයින් සංඛ්‍යාවක් මෙරට සිටින අතර පවුල් ලක්ෂ ගණනක් කිරිගව පාලනය ජීවිකාව කරගෙන සිටී. වාර්තාවන රෝගී තත්ත්වය නිසා දශ ලක්ෂයක් වූ කිරි ගවයින්ගේ ජීවිතද අවදානමට ලක් ව තිබෙන බව එම ක්ෂේත්‍ර යේ ආරංචිමාර්ග සඳහන් කර සිටී.
The post බැසිල් කළ හරක් වැඩක්. appeared first on Lanka News Column.
0 Comments