ඉන්දීය ක්රිකට් ක්රීඩක දිනේෂ් කාර්තික්ගේ බිරිය දීපිකා පල්ලිකාල් කාර්තික් දැන් පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී ස්කොෂ් පදක්කමක් දිනයි. ඇය අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ නිකොලව් ඩේවිඩ් අතින් පරාජයට පත්වීමෙන් ලෝකඩ පදක්කමෙන් සීමා විය.
මෙම පදක්කම දිනාගත් දීපිකා ඇතුලු ක්රීඩිකාවන් තිදෙනකුට ඉන්දීය රුපියල් ලක්ෂ 20 බැගින් පිරිනැමීමට තමිල්නාඩු රජය තීරණය කර ඇත.
26 හැවිරිදි ඇය නිමාවූ ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී කාන්තා යුගල හා මිශ්ර යුගල ඉසව්වලින් රිදී පදක්කම් දිනාගත් අතර 2014 ඉන්චියෝන් ආසියානු ක්රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් 2ක් හා රිදී පදක්කමක් දිනා ගත්තාය.
0 Comments