ටෙලිකොම් මහජන සම්බන්ධතා සාමාන්‍යධිකාරි සහ ස්පීඩ් අප් ව්‍යාපෘති කළමනාකරු රෝහණ එල්ලාවල
ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව ඉහළ තලයට ඔසවා තැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සාවරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන, එස්.එල්.ටී.ස්පීඩ් අප් පාපැදි සවාරියේ තෙවැන්න සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සංවිධාන කටයුතු යොදා තිබේ.
මෙම පාපැදි සවාරියේ පිරිමි ඉසව්ව සැප්තැම්බර් 4 වැනිදා අරඹා සැප්තැම්බර් 08 වැනිදා අවසන් වන අතර කාන්තා ඉසව්ව සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පැවැත්වෙයි. ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි ඉසව්ව සැප්තැම්බර් 08 වැනිදා දිනට යෙදී තිබේ.
මෙවර පිරිමි ඉසව්ව කොළඹින් ඇරඹී කිලෝමීටර 820ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වන සේ ගමන් මාර්ගය සලකුණු කර ඇති අතර, කාන්තා ඉසව්ව කොළඹින් ඇරඹී කිලෝමීටර 175ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් වන සේ මාර්ගය දක්වා තිබේ. කුරුණෑගලින් ඇරඹෙන පැරා ඉසව්ව කිලෝමීටර 75ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වීමට නියමිතය.
පාපැදි ක්‍රීඩාව යනු මෙරට වඩාත් ජනප්‍රිය මෙන්ම වඩාත් ආශ්වාදනීය ක්‍රීඩාවක් වේ. මෙම වැදගත්කම සැබෑලෙසින් හඳුනාගනිමින්, සමාජ වගකීමක් සහිත ආයතනයක් ලෙසින් සිය යෙදීමට තවත් උදහාරණයක් සපයමින් වර්ෂ 2016 දී එස්.එල්.ටී විසින් එස්.එල්.ටී. ස්පීඩ් අප් සවාරිය ආරම්භකරනු ලැබුවේ මෙම ක්ෂේත්රයේ දක්ෂයන් ගැන රටට හඬගා කියන අතරවාරයේ ඔවුන්ට නිසි ඇගයුම ලබා දීමේ අරමුණින් යුතුවය.
මෙම ඉසව්ව තුළ යෞවනයන්ට අවස්ථාව ලබාදීම උදෙසා මෙහි තරගවදින කණ්ඩායමකට වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ අවම වශයෙන් ඇතුළත් වන පරිදි කණ්ඩායම් සංයුතිය පැවැත්වීමට සංවිධායන් අනුබල දී තිබේ.
මෙයට අමතරව මෙම තරගාවලිය හේතුවෙන් රටෙහි පාපැදි ක්‍රීඩාව පිළිබඳව ඇතිවන උනන්දුව හරහා එය සෞඛ්‍ය, පාරිසරික සහ ආර්ථික වටිනාකමක් වෙත යොමුකිරීමටද එස්.එල්.ටී. ඉලක්ක කර ඇත.
මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩකයන් විසින් මෙන්ම ක්‍රීඩා ලෝලී ජනතාව විසින් වැඩිම උනන්දුවෙන් යුතුව සැරසෙන මෙරට පාපැදි තරග කැලැන්ඩරයේ වැඩිම අවධානයට පත්වන ඉසව්ව බවට පත්වන අතරම එහි ජයග්‍රාහකයන් සඳහා දැවැන්ත මුදල් ත්‍යාග ද පිරිනමනු ලබයි.
0 Comments