Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලදිවයිනේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට එරෙහි තරගයට නෑ

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය

 ප්‍රින්ස් ගුණසේකර

ලබන සැප්තැම්බර් මාසයේ බංග්ලාදේශයේදී ආරම්භවන දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සමග තරගවදින මාලදිවයින් පාපන්දු පිලට සුපිරි ක්‍රීඩක අලී අෂ්ෆාක් එක් නොවෙයි. බංග්ලාදේශයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩක අලී අෂ්ෆාක් දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් නම්කරන ලද මාලදිවයින් පාපන්දු සංචිතයට තෝරාගෙන නැතැයි බංග්ලාදේශ මාධ්‍ය ඊයේ අනාවරණය කළේය.

ඉදිරි පෙළ ප්‍රහාරක ක්‍රීඩක අෂ්ෆාක් වසර 2003 සිට මාලදිවයින පාපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා පාපන්දු පිලට තර්ජනාත්මක ප්‍රහාර එල්ලකරමින් මාලදිවයින ජයග්‍රහණය කරා මෙහෙයවූ ක්‍රීඩකයෙකි.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 4වැනිදා ආරම්භවන අතර ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගය සැප්තැම්බර් 7වැනිදා පැවැත්වේ. ශ්‍රී ලංකාව මූලික වටයේදී ඉන්දියාව සමග 5වැනිදා තරගවදින අතර අවසන් පූර්ව වටයට පිවිසීමට මාලදිවයින හෝ ඉන්දියාව සමග තරග දෙකෙන් එකක් ජය ගැනීම අනිවාර්යවී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();