- කොළඹට ලකුණු 90ක ජයක්
ශ්‍රී ලංකා විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 67කදී හයේ 11ක් හා හතරේ 5ක් සමග නොදැවී වාර්තා කළ ලකුණු 124 හේතුවෙන් ගාල්ල පිල පරදවා ලකුණු 90ක ජයක් ලබා ගත්තේය.
චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හා සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයෙන් මුලින් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 197ක් ලබාගත් අතර, ගාල්ල පිල ඕවර් 19.2කදී ලකුණු 107කට දැවී ගියේය.
කොළඹ පිලේ කඩුලු 3ක් ලකුණු 34කට බිදවැටී තිබියදී ෂෙහාන් ජයසූරිය හා තරංග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩ නැංවූ අතර ජයසූරිය ලකුණු 22ක් හා ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක් ලබා ගත්හ. ගාල්ල ඉනිමේ මුල් කඩුලු තුන ලකුණු 5කට දැවී ගිය අතර ඉන්පසුව හිස එසැවීමට නොහැකිසේ කොළඹ පන්දු යැවීම ශක්තිමත් විය.
කොළඹ කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 197
උපුල් තරංග 124, දිනේෂ් චන්දිමාල් 4, මහේල උඩවත්ත 9, ෂම්මු අශාන් 1, ෂෙහාන් ජයසූරිය 22, චතුරංග ද සිල්වා 3, ජීවන් මෙන්ඩිස් නොදැවී 30 (කසුන් රජිත 38/2, නිශාන් පීරිස් 40/2)
ගාල්ල කණ්ඩායම ඕවර්19.2 කදී ලකුණු 107
නිරෝෂන් දික්වැල්ල 1, කුසල් මෙන්ඩිස් 1, දිමුත් කරුණාරත්න 1 ඇන්ජලෝ පෙරේරා ධනංජය ද සිල්වා 9, ඇන්ජලෝ පෙරේරා 54, අසේල ගුණරත්න 18, ජෙහාන් ඩැනියෙල්3, ජෙෆ්රී වැන්ඩර්සි සුරංග ලක්මාල් 3, නිශාන් පීරිස් 1, ( ළහිරු මදුසංඛ 12/2, අකිල ධනංජය 13/2)

0 Comments