Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලේක්හවුස් මලල ක්‍රීඩා පිලට පදක්කම් 12ක්

තිස්පස්වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 1ක් ,රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 8ක් ලබා ගැනීමට ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ක්‍රීඩා උළෙලට එක්වූ උදුලා පීරිස් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, ශ්‍යාම් කුමාර රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක්ද, ඩී.කේ.අයි.පී.නාමසිරි රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 2ක්ද, එච්.ඒ.සමරවංශ ලෝකඩ පදක්කමක්ද සංජීවි ජයසූරිය ලෝකඩ පදක්කමක්ද වශයෙන් පදක්කම් 12ක් හිමිකර ගත්හ.

මෙරට ප්‍රමුඛපෙළේ වෙළෙඳ ආයතන 58ක් සහ ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ කළ මේ තරඟාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවැත්විණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();