Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට යන ශ්‍රී ලංකා පිලට කොළඹ සමාජයෙන් 7ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂාන්ට පවරා ඇත. මධුෂාන් වසර ගණනාවක් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ පළපුරුදු ක්‍රීඩකයෙක්වන අතර අන්තර් ක්‍රීඩා සමාජ තරගවලදී ඉහළ දස්කම් පෙන්වූ ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා පාපන්දු පිලට කොළඹ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් 7ක් ඇතුලත්ව ඇති අතර, යුද හමුදාවෙන් 4ක්, ගුවන් හමුදාවෙන් 2ක්, නිව්යංග්ස් ක්‍රීඩා සමාජයෙන් 2ක් හා නාවික හමුදාවෙන් ක්‍රීඩකයෙක් ඇතුලත්ව සිටිති. වයස අවුරුදු 18ක්වූ කොළඹ සාන්ත ජෝෂප් විදුහලේ ක්‍රීඩකයෙකුද ශ්‍රී ලංකා පාපන්දු පිලට ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට පෙර බංග්ලාදේශය සමග 29වැනිදා පැවැත්වෙන පුහුණු තරගයකට සහභාගීවීමට නියමිත බැවින් ශ්‍රී ලංකා පිල හෙට (26) බංග්ලාදේශය බලා පිටත්වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();