Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දක්ෂ ලෙස සෙල්ලම් කළ හැකි සමාජිකයන් UNP යේ සිටින බව ඇමති හරීන් කියයි.

Harin_Fernando

සෑම විටම දේශපාලන වේදිකාවේ දක්ෂ ලෙස සෙල්ලම් කළ හැකි සමාජිකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටී. අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වෘත්තිය සමිති වැඩවර්ජන හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක නිරතව සිටින බව අමාත්‍යවරයා පැවසීය. ආණ්ඩුව විසින් ලබා දුන් නිදහස වර්තමානයේ අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි  පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් රාජපක්ෂ පවුලේ දේශපාලනමය වශයෙන් වහල්ලු බවට පත් වී ඇති බවත් එයින් තොර නායකයෙන් එම පක්ෂට නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය සෑම විටම එකිනෙකාට වෙනස් වූ නායකයින් බිහි කරන බව අතර පසුපෙළ කණ්ඩායමක් සමඟ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පැවසු අතර  එමෙන්ම සෑම විටම දේශපාලන වේදිකාවේ දක්ෂ ලෙස සෙල්ලම් කළ හැකි සමාජිකයන්  පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටින බවද පැවසීය.

The post දක්ෂ ලෙස සෙල්ලම් කළ හැකි සමාජිකයන් UNP යේ සිටින බව ඇමති හරීන් කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();