Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ICCයෙන් කොන්දේසියක්.

 

ICC_Logo

දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන් ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී ඇති බවත් එහෙත් ඒ නිරීක්‍ෂකයකු වශයෙන් පමණක් බවත් සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට මෙම අවසරය ලැබී ඇත්තේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මත බවත් එම කාලය තුළ නිලවරණය නොපැවැත්වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේදී ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද අන්ත්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට දන්වා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post ICCයෙන් කොන්දේසියක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();