එකම පවුලක සාමාජිකයන් සහ ඥාතීන් පිරිසකගේ මළ සිරුරු ඉන්දියාවේ දිල්ලි අගනුවර නිවසකින් හමුවී තිබේ.
මරණයට පත් දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබුණු අතර, හැත්තෑ වැනි වියේ පමණ වයසේ පසු වූ කාන්තාවකගේ සිරුර පමණක් බිම වැතිර තිබී හමුවිය.
මරණයට පත් පිරිසෙන් වැඩි දෙනෙකුගේ දෑස් ආවරණය කර මුඛ වසා දෑත් පිටුපසට බැඳ දමනු ලැබ තිබිණ.
මරණවලට හේතුව පැහැදිලි නොමැති අතර එය ඝාතනයක් විය හැකි ද යන්න පොලිසිය බැහැර නොකරයි.
නමුත් එම පවුලේ “ගුප්ත චාරිත්‍රයක්” පිළිබඳ සාක්ෂි හමු වී ඇතැයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඝාතනවලට යම් සම්බන්ධයක් ඇතැයි පෙනෙන්නට තිබෙන “නිශ්චිතවම අධ්‍යාත්මික සහ ගුප්ත චාරිත්‍ර” දෙසට නැඹුරුවක් ඇති අත්අකුරින් ලියන ලද සටහන් නිවසේ තිබී හමුව ඇති බවත් සම්පූර්ණ පොලිස් වාර්තාවේ සඳහන් වේ.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල ලැබීමට නියමිත අතර පොලිසිය විසින් අසල්වැසියන් ප්‍රශ්න කරනු ලැබ ඇති අතර ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.
ඒඑෆ්පී පුවත් සේවය වෙත අදහස් දක්වමින් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ සිදුවුයේ කුමක්දැයි යන්න පිළිබඳ යමක් කීමට “තවමත් කල් වැඩි” බවය.
“දැනට පරීක්ෂණ සිදුවෙනවා. අප කිසිම දෙයක් ගැන තීන්දුවකට පැමිණ නැහැ,” යනුවෙන් ඔහු පවසීය.
ඉහත කී පවුල බුරරි දිස්ත්‍රික්කයේ වසර විස්සකට අධික කාලයක් වාසය කර තිබේ.
රාජස්තාන්හි සිට එහි පැමිණ ඇති ඔවුන් සතු තෙමහල් ගොඩනැගිල්ලේ වෙළඳසල් දෙකක් පවත්වාගෙන ගොස් තිබේ.
ඉරිදා උදෑසන කිරි මිලදී ගැනීම සඳහා ගිය අසල්වැසියෙකු විසින් මළ සිරුරු සොයා ගනු ලැබ ඇත.
“මම වෙළඳසලට ඇතුල් වූ විට දොරවල් ඇර තිබුනා. අත් බැඳපු ඔවුන් සියලු දෙනාගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබුනා,” යනුවෙන් ගුරුචරන් සිං බීබීසී හින්දි සේවයට කියා සිටියේය.
මරණයට පත් පිරිස අතර සහෝදරයන් දෙදෙනෙකු, ඔවුන්ගේ බිරියන් දෙදෙනා, ඔවුන්ගේ දරුවන් සහ වැඩිහිටි කාන්තාව වෙති.
සුරතලයට ඇති කළ සුනඛයා නිරුපද්‍රිතව හමුව තිබේ.
මරණ හේතුවෙන් අසල්වැසියන් කම්පනයට පත්ව සිටින බව බීබීසී හින්දි සේවය වාර්තා කරයි.
ඉහත කී පවුල සතුටින් දිවි ගෙවූ බවත් ප්‍රජා කටයුතුවලට සම්බන්ධව සිටි බවත් අවට වැසියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබිණි.
(BBC)
The post එකම පවුලේ දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබී හමුවේ. appeared first on Lanka News Column.


0 Comments