රටේ ප්‍රජාතන්ත්‍ර වාදය අහෝසි කර ඇති විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (02) සවස සිදුකෙරිණි.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් , සුනිල් හඳුන්නෙත්ති කේ.ඩී. ලාල් කාන්ත යන ඇතුළු පිරිසක් සහභාගි වූහ.
The post 20 ගැන කියන්න ජවිපෙ ජනතාව වෙතට. appeared first on Lanka News Column.
0 Comments