Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බූරුවෙකුට සීබ්‍රා වෙස් ගන්වලා

බූරුවෙකුගේ සිරුරේ කළු ඉරි ඇඳ , සීබ්‍රා ලෙස පෙන්වීමට උත්සාහ කළ බවට ඊජිප්තුවේ සත්වෝද්‍යානයකට චෝදනා එල්ල වේ.

කයිරෝ ජාත්‍යන්තර නාගරික උද්‍යානයේ කළ සංචාරයක් අතරවාරයේ ශිෂ්‍යකු විසින් මේ සතා සමඟ ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීමත් සමඟ මේ සත්වෝද්‍යානය වෙත සංචාරකයන් මුලා කිරීමේ චෝදනාව එල්ල වී තිබේ. ප්‍රමාණයෙන් කුඩා මේ සතාට උල් කන් යුවළක් හිමි අතර, මුහුණේ බොඳ වුණ කළු පැල්ලම් ද දැකිය හැකිය.

සීබ්‍රාවකුගේ සිරුරේ ඇති තීරු වඩාත් ස්ථාවර හා සමාන්තරව පිහිටා තිබිය යුතු බව පශු වෛද්‍යවරයෙකු උපුටා දක්වමින් එරට ප්‍රවෘත්ති සේවයක් වන එක්ස්ට්‍රා නිව්ස් ටීවී පවසයි. එම කූඩුව තුළ සිටි සතුන් දෙදෙනාම වර්ණ ගන්වා තිබූ බව මහ්මුද් සර්හාන් සිසුවා එම ප්‍රවෘත්ති සේවය වෙත පවසා තිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();