දිවුරුදීම එරට නිදහස් දිනයට පෙර
පාකිස්තානයේ නව අගමැති ලෙස සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, අගෝස්තු 14 වැනිදාට යෙදෙන එරට නිදහස් දිනයට පෙර දිවුරුම් දෙන බව පී. ටී. අයි පක්ෂය ප්‍රකාශ කරයි. නොබෝදා පැවැති මහමැතිවරණයෙන් ඔහුගේ නායකත්වයෙන් යුත් පී. ටී. අයි පක්ෂය ජයග්‍රහණය කළ ද තනි රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව හිමි කර ගැනීමට සමත් වූයේ නැත. මේ සම්බන්ධයෙන් එම පක්ෂය ප්‍රකාශ කරන්නේ කුඩා හා ස්වාධීන පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවන බවයි.
අදාළ ආසන සංඛ්‍යාව සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය උපදේශක කටයුතු මේ වන විට සිදු කර ඇති බව පී. ටී. අයි නායක නයීනුල් හක් මාධ්‍ය වෙත පැවසීය. එම පක්ෂය ආසන 115ක් ජයග්‍රහණය කර ඇති අතර රජයක් පිහිටුවීම සඳහා තවත් ආසන 12ක අඩුවක් පවතී. මෙහිදී පී. එම්. එල්- එන් හා පී. පී. පී පක්ෂ පිළවෙලින් ආසන 64ක් සහ 43ක් ජයග්‍රහණය කර තිබේ.
0 Comments