Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 ජනපතිවරණයට සංගක්කාර තරඟ වදිනවාද? ඒ ගැන සංගක්කාර කිව්ව අමුතුම කතාව මෙන්න

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසීම පිළිබඳ සිය අදහස් පළ කර තිබෙනවා.

ඒ අනුව තමන් කිසි ලෙසකින් වත් දේශපාලනයට එක් නොවන බවයි ශ‍්‍රී ලංකා සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර පවසන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ තමාට දේශපාලනයට එක්වීමට කිසිඳු සූදානමක් නොමැති බවයි.

2020 ජනාධිපතිවරණයට කුමාර් සංගක්කාර තරග වදිනු ඇති බවට ඇතැම් පාර්ශ්ව ඉකුත් දින කිහිපයේ මත පළ කර තිබුණා. ඇතැම් දේශපාලඥයින් ද ඔහුගේ පැමිණීමට පක්ෂව හා විපක්ෂව අදහස් දක්වා සිටියේ ඒ අතරතුරයි.

එහෙත් එම සියලූ වාර්තා තමන් ප‍්‍රතික්ෂේප කරන බවයි කුමාර් සංගක්කාර පවසා ඇත්තේ. දේශපාලනය පිළිබඳ තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද හෙබවූ කුමාර් සංගක්කාර 2015 වසරේදී ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඔහු දේශපාලනයට පිවිසෙන බවට මීට පෙර මැතිවරණ සමයන්හිදී ද විවිධ වාර්තා පළ වුණා.



from Gossip Lanka News & Video https://ift.tt/2vtmEH1
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();