පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 07 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
නියෝමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
0 Comments