දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාරගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත.
දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදුකරනු ලැබේ. මෙම රැකියා අවස්ථා සදහා දේශපාලනික වශයෙන් හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුට කිසිදු බලපෑමක් සිදුකළ නොහැක. කොරියානු රැකියා පෙර විගමණික පුහුණුව ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගන්නා සුදුසුකම්ලත් පුහුණු උපදේශකයින් විසිනි.
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට භාෂා පුහුණුව ලබාදීම සදහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු නම්කර නොමැති අතර වගකීම්ද භාරදී නොමැ ති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහෙයින් කොරියානු රැකියා ලබාදෙන බව පවසන පුද්ගලයින්ට හෝ කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනික පුද්ගලයින්ට හසුනොවන ලෙසත් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසත් කාර්යාංශය කොරියානු රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
The post කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට හසුවන්න එපා – විදේශ සේවා නියුක්ති කාර්යාංශය appeared first on Lanka News Column.
0 Comments