දැන් හැමතැනම කියන්නේ මහින්ද රාජපක්ෂ ඇඹිලිපිටියේ පන්සලක උත්සවයට නොපැමිණීම ගැනය. මහින්ද රාජපක්ෂ වෙනුවට එහි ගිය චමල් රාජපක්ෂය අකුළාගෙන යළි ආපසු එන්නට සිදුවීම ගැනය.
ඇඹිලිපිටිය පන්සලේ සිද්ධියේ තත්ත්වය සමනය කිරීමට චමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාව තරුණයෙකු සමඟ දුරකතනයෙන් සම්බන්ධ කරනු ලැබීය. ඊට පිළිතුරු දුන් තරුණයා කියා සිටියේ අපිට ඕන ඕන විදිහට නටන්න බැහැල්ලු. එයා කියන විදිහක් තමාලු යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක් වූ බවයි. අවසානයේ බුදුපිළිම වහන්සේ නිරාවණය කිරීම ද සිදු නොවුණු අතර චමල් රාජපක්ෂ මහතාද එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
හිටපු ජනාධිපතිගේ මේ නොහික්මුණු ප්‍රතිචාරය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව බලවත් අප්‍රසාදය පළකර ඇති බවත් පෙබරවාරි 10 ජන්දයේ ප්‍රතිඵලය මත මුල අමතක රාජපක්ෂලාට පාඩමක් උගන්වන බවත් එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ට දන්වා ඇති බවටත් වාර්තා වෙයි.
ඒ අනුව රටේ ජනතාවගෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඡන්දය දුන් පිරිස මහින්ද රාපක්ෂට අවශ්‍යය පරිදි හැසිරිය යුතුය. එදා සිදුවීම රාජපක්ෂ පාලනයේ පැතිකඩක් නිරූපණය වීමකි. මේ සිදුවීම පිටුපස රාජපක්ෂ පවුලේ දේශපාලන සීතල යුද්ධය යලි අළු සැඟවුණු ගිනි පුපුරු මෙන් එළියට ඒම තිබෙනන්ට පුළුවනැයි ඇතැමෙකුට කිව හැකිය. මන්ද මේවන විටත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මේවන විට පුද්ගල චරිත කීපයක් වටා ඒකරාශී වෙමින් තිබීමයි. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමෙක් ගෝථාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරමින් බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙක් පිරිස විවේචනය කරමින් සිටී. අනෙක් පිරිස බැසිල් රාජපක්ෂ මහතා සමඟ එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටී.
මේ තත්ත්වය උඩ මහින්ද දැන් සිටින්නේ නිශ්චිත අරමුණකින් තොරවය. ඔහුට අවශ්‍යය පරිදි 2020 මැතිවරණයට මුහුණ දීමට නම් මේ බාධඛ එකින් එක ඉවත් කර ගත යුතුව ඇත. එබැවින් මේ සිදුවීම නිසා මහින්ද රාජපක්ෂ විසින් සිය සහෝදරයා බිල්ලට දුන්නාදැයි ඇතැමෙක් ප්‍රශ්න කරමින් සිටී. කෙසේ වුවත් චමල් රාජපක්ෂ මහතා මෙවැනි අපහසුතාවයකට පත්වන්නේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුව නම් කල යුතු බවට ඒකාබද්ධයේම නායකයින් ප්‍රසිධියේ ප්‍රකාශ කරමින් සිටියදීය.
මින් පැහැදිළිවන්නේ රාජපක්ෂලා තවමත් වෙනස් වී නොමැති බවය. ඒ වෙනස් නොවීම යට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක සළුපිළි පොරවාගෙන පන්සල් දේශපාලනීකරණය කිරීම රාජපක්ෂලාගේ ක්‍රමය වී ඇත.
පන්සලේ දේශපාලනයේන් මාධ්‍ය සංදර්ශන පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කතා කරන්නේ එදා ඔවුන් විශ්ව විද්‍යාල සිසුන්ට කිසිඳු පහරදීමක් සිදු නොකළ ගානටය. රතු පස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණ සිදුකළ ජනතාවට කිසිඳු පහර දීමක් සිදු නොකර සාකච්ඡා මඟින් ප්‍රශ්න විසඳූ අය සේය.
කටුනායක වෙළෙඳ කලාපයේ රෝෂේන් චානක නමැති තරුණයකු වෙඩි තැබීමකින් ඝාතනය වූයේද යන්න පිළිබඳව කිසිඳු මතකයක් අද ඔවුන්ට නොමැත. කැළණි විශ්ව විද්‍යාලයේ ජනක සිසිත ඝාතනය වීම ඔවුන්ට මතක නැත, තාජුඩීන් ඝාතනය ඔවුන්ට මතක නැත, රොෂේන් චානකට වෙඩි තැබීම ඔවුන්ට මතක නැත, හලාවත ඇන්තනීට වෙඩි තැබීම ඔවුන්ට මතක නැ.විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට ගිනි තබා විනාශ කළ උදවිය අද මාධ්‍ය නිදහස පිළිබඳ කතා කරන්නේ වත්මන් ආණ්ඩුව බිහි වූවාට පසුව උපන් අය ලෙසිනි.
එදා රාජපක්ෂ පාලනය කමන්ට අවශ්‍ය විදිහට හැමෝම නටවන්නට කටයුතු කළ ආකාරය කාටත් අමතක නැත. ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය පවා විධායකයට අවශ්‍යය පරිදි නටවමින් මාධ්‍යයට්‍ද කීවේ රාජපක්ෂ පාලනයට අවශ්‍ය පරිදි නටන්නට සූදානම් විය යුතු බවයි.
එදා ශිරාණි බණ්ඩාරනායක දිවිනැඟුම පණත සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුව නිසා ඇයට එක රැයින් ගෙදර යන්නට සිදුවිය. 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසාවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිරගත කරනු ලැබීය. රාජපක්ෂ පවුලේ දූෂණ වංචා හෙළි කිරීමේ වරදට වැරදිකරුවූ ලසන්ත වික්‍රමතුංගට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. පෝද්දල ජයන්තට සදාකාලික අබ්බගාතයෙකු වෙන්නට සිදුවිය. තවත් මාධ්‍ය ආයතන රැසකට බෝම්බ ප්‍රහාර එල්ලවූයේද , ගිනි බත් වූයේද රාජපක්ෂ පදයට නටන්නට අකමැති වූ නිසාය.
නමුත් රාජපක්ෂකරණයට අත එසවූ අයට රජ සැපම පමණක් උරුම විය. පිල්ලෙයාන්ලා, කරුණා අම්මාන්ලා, විමල් වීරවංශලා ඉන් කීපදෙනෙක් පමණි. අපේ බහුතරයකට මේ යථාර්ථය අමතක වී ඇති බවක් පෙනේ. එහෙමත් නැත්නම් අමතකව සිටින බවට රංගනයක යෙදෙයි. දැන් තිබෙන ඛේදවාචය වන්නේ ද මෙයයි.
අද මේ දුරකතනයෙන් ගමේ භාෂාවෙන් තමන්ට ආදරය කරන්න මිනිස්සුන්ට තග දාන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී තම ජනරැළියකට ආ පාක්ෂිකයෙකුට පහර දෙන්නට උත්සාහ කළ අකාරය අතීතය මතට කාටත් අමතක නැත. ඒ මහින්ද රාජපක්ෂය . ඒ මහින්දගේ තග තවමත් ජනතාවට දමන්නේ මම කරන දේ හරි තියරියේ සිටිමින්ය. බලය නැති දාත් තගෙන් ජීවත් වෙන්නට උත්සාහ කරන මේ රාජපක්ෂලා යළි බලයට ආවොත් කුමකින් කුමක් සිදුවේ දැයි හොඳින්ම සිතා ගත හැකිය.
– දිලංක ගුණතිලක
The post ඇඹිලිපිටියේ සාත්තරේ, කාගෙද මේ සූත්තරේ.. appeared first on Lanka News Column.
0 Comments