Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැරී සහ මේගන් පළමු විදේශ සංචාරයට සූදානම්

විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු හැරී කුමරු හා ඔහුගේ බිරිද වන මේගන් මාර්කල් පළමු විදේශ සංචාරය සදහා සූදානම් වන බව වාර්තා වේ.

හැරී කුමරු හා ඔහුගේ බිරිද වන මේගන් මාර්කල් එම සංචාරය සදහා තෝරාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයි.

පසුගිය මැයි මාසයේ පැවැති ඔවුන්ගේ විවාහයෙන් පවසුව බ්‍රිතාන්‍ය විසින් මෙම පළමු රාජකීය සංචාරය ප්‍රකාශයට පත් කර ඇත.

හැරී කුමරුගේ දෙමව්පියන් වන චාල්ස් කුමරු සහ ඩයනා කුමරියද ඔවුන්ගේ විවාහ මංගලෝත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ මෙම රටවල් දෙක වීම විශේෂත්වයකි.එසේම හැරී කුමරුගේ සහෝදරයා වන විලියම් කුමරු ද සිය පළමු රාජකීය සංචාරය ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් තෝරාගෙන ඇත.

එළඹෙන සැප්තැම්බර් සහ දෙසැම්බර් කාලසීමාව අතර ඔවුන් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();