හෙට(12) පැවැත්වීමට නියමිත උතුරු කොරියා – අමෙරිකා රාජ්‍ය නායක හමුව සදහා සිංගප්පූරුව සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තොසා දිවයිනේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ හේතුවෙන් සෙන්තොසා දිවයිනට දැඩි ආරක්ෂාකවක් යොදවා ඇති බව වාර්තා වේ.
මේ අතර මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම පිණිස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොං උන් මේ වන විටත් සිංගප්පූරුවට පැමිණ සිටි.
දෙරටේම විශේෂ නියෝජිතයන් මෙන්ම ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් ද සිංගප්පූරුවට පැමිණ සිටින බව විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

0 Comments