ජපානයේ ගිෆූහී ඊයේ නිමාවට පත්වූ වයස අවුරුදු 20න් පහළ ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ආසියා කනිෂ්ඨ වාර්තාවක් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනියි. එය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය වේ. වසර 2012දී කොළඹ පැවැති ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා තිබීම මෙතෙක් පැවැති හොඳම ප්‍රතිඵලය වේ.
ආසියාවේ රටවල් 15ක් කුමන හෝ පදක්කමක් දිනා තිබූ අතර ශ්‍රී ලංකාව මෙවර පස්වැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ජපානය රන් 14ක්, රිදී 15ක් හා ලෝකඩ 13ක් දිනා පෙරමුණේ පසුවූ අතර, චීනය රන් 11ක් රිදී 8ක් හා ලෝකඩ 4ක් දිනා දෙවැනි තැනට පත්විය. රන් 5ක්, රිදී 2ක් හා ලෝකඩ 10ක් දිනාගත් ඉන්දියාව තෙවැනි ස්ථානයේ හා රන් 4ක්, රිදී 5ක් හා ලෝකඩ 4ක් දිනාගත් චීන තායිපේ පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයේ පසු වූහ. ශ්‍රී ලංකාවට පසුපසින් කටාරය, ඉරනය, ඉන්දුනීසියාව ඉරාකය, ඉන්දුනීසියාව කොරියාව හා කසකස්තානය වැනි රටවල් වූහ. ඊයේ නිමාවට පත්වූ මේ ශූරතාවලියේදී මීටර් 400 සහාය දිවීමේ පිරිමි කණ්ඩායම රන් පදක්කම දිනාගනිද්දී කාන්තා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායමට කොළඹ නාලන්ද විදුහලේ පබසර නිකූ කුරුණෑගල මලියදේව විදුහලේ පසිඳු කොඩිකාර, කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ රිවිෂ්ක ඉන්ද්‍රජිත් හා අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විදුහලේ අරුණ දර්ශන ඇතුළත් වූ අතර විනාඩි 3:08.70කින් තරගය නිම කිරීමට සමත් වූහ. රිදී පදක්කම දිනාගත් තායිලන්තය විනාඩි 3:09.20කින් හා ලෝකඩ පදක්කම දිනාගත් මැලේසියාව විනාඩි 3:09.60කින් නිම කළහ.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉෂාරා අත්තිඩිය, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී, මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අමාෂා ද සිල්වා හා වලල ඒ. රත්නායක විදුහලේ දිල්ෂී කුමාරසිංහ මීටර් 400 සහාය දිවීමේ තරගයට එක්වූ අතර එහිදී විනාඩි 3:45.16කින් තරගය නිමකළහ. රන් පදක්කම දිනූ ජපාන ක්‍රීඩිකාවෝ විනාඩි 3:38.20කින් හා රිදී පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ විනාඩි 3:41.11කින් තරගය නිම කළහ.
මීටර් 3000 බාධක දිවීමේ තරගයේදී නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් ද සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක් එක්කර දීමට කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ වසන්තී මාරිස්ටෙලා සමත්වූ අතර විනාඩි 10:21.54කින් තරගය නිම කළාය. එහි රිදී පදක්කම විනාඩි 10:28.24කින් චීනය හා ලෝකඩ පදක්කම විනාඩි 10:38.30කින් ජපානයට හිමි විය.
මීටර් 100 රිදී පදක්කම දිනාගත් අමාෂා ද සිල්වා මීටර් 200 තත්පර 24.47කින් නිමකොට තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කළාය. මීටර් 400 රිදී පදක්කම දිනූ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 තරගයේදී විනාඩි 2:04.53කින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
ගාල්ල මහින්ද විදුහලේ තරිදු දසුන් පිරිමි උස පැනීමේ තරගයට එක්ව මීටර් 2. 03කින් හයවැනි ස්ථානයට පත්වූ අතර වලල ඒ. රත්නායක විදුහලේ ඩී. එම්. එච්. එස්. කරුණාරත්න මීටර් 800 මූලික වටයේ තරගයේදී විනාඩි විනාඩි 1:55.06කින් තෙවැනි ස්ථානයට පත්වී අවසන් තරගයට සුදුසුකම් නොලැබීය.
ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් මෙසේය
රන් පදක්කම්
අරුණ දර්ශන මීටර් 400 පිරිමි - තත්පර 45.79 (නව ආසියානු වාර්තාවකි) අකුරම්බොඩ වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විදුහල
වසන්තී මාරිස්ටෙලා මීටර් 3000 - විනාඩි 10: 21. 54 (නව කනිෂ්ඨ ජාතික වාර්තාවකි) කුලියාපිටිය මධ්‍ය මහා විදුහල
මීටර් 400 පිරිමි සහාය දිවීම විනාඩි 3:08.70 පබසර නිකූ, පසිඳු කොඩිකාර, රිවිෂ්ක ඉන්ද්‍රජිත්, අරුණ දර්ශන
රිදී පදක්කම්
පසිඳු කොඩිකාර මීටර් 400 පිරිමි - තත්පර 46.93 කුරුණෑගල මලියදේව විදුහල
දිල්ෂි කුමාරසිංහ මීටර් 400 කාන්තා - තත්පර 54.03 (නව කනිෂ්ඨ ජාතික වාර්තාවකි) වලල ඒ. රත්නායක විදුහලේ
අමාෂා ද සිල්වා මීටර් 100 කාන්තා තත්පර 11.71මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල
අමාෂා ද සිල්වා මීටර් 200 කාන්තා තත්පර 24.47 (පෞද්ගලික හොඳම දක්ෂතාව) මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහල
ලෝකඩ පදක්කම්
දිල්ෂී කුමාරසිංහ කාන්තා මීටර් 800 විනාඩි 2:04.53 (නව කනිෂ්ඨ ජාතික වාර්තාවකි) වලල ඒ. රත්නායක විදුහල
මීටර් 400 කාන්තා සහාය දිවීම විනාඩි 3:45.16 ඉෂාරා අත්තිඩිය, සචිනි දිව්‍යාංජලී, අමාෂා ද සිල්වා දිල්ෂී කුමාරසිංහ .
---------------------------------------------
ඇමැති ෆයිසර් ක්‍රීඩකයන්ට සුබ පතයි
ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ විශේෂ ආරාධිතයකු ලෙස ඊයේ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සහභාගී විය. එහිදී තරඟ නරඹීමටත් තරඟ සඳහා සහභාගිවන ශ්‍රී ලංකික ක්‍රීඩිකා ක්‍රීඩිකාවන් උනන්දු කිරීමටත් කටයුතු කළ ඇමැතිවරයා කණ්ඩායමට සුබ පැතීමටද කටයුතු කළේය.

Author: ප්‍රින්ස් ගුණසේකර

0 Comments