උතුරු කොරියාව සමග මේ වනවිට සිදුකරගෙන යනු ලබන සාකච්ඡා වඩාත් යහපත් ආකාරයෙන් සිදුවුවත් වදුරටත් ඉටුකිරිමට බොහෝ කාර්යයන් ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ පවසයි.
ඇමෙරිකාවේ සංචාරයක නිරත වන උතුරු කොරියාවේ උසස්ම රාජ්‍ය නිලධාරියෙකු වන ජෙනරාල් කිම් යොන්ග්-චෝල් සමග සාකච්ඡ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
මෙම සාකච්ඡා නිව්යෝක් නුවරදී පවත්වා තිබුණි.
මේ අතර, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් විසින් ලබාදෙන ලද විශේෂ ලිපියක් ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදීමට ජෙනරාල් යොන්ග්-චෝල් වොෂිංටනය බලා පිටත්ව යනු ඇත.

0 Comments