ලෝක කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති ප්‍ර්‍රදර්ශන 20-20 තරගයේ ජය හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ලෝක කණ්ඩායමේ නායක සහීඩ් අෆ්රිඩී මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව කොදෙව්වන් පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 199ක් රැස්කළේය.
ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි. පිත්තෙන් දක්ෂතා දැක්වූ තිසර පෙරේරා පන්දු 37කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 61ක් රැස්කළේය.
වෙනත් කිසිවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
ලකුණු 200ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායමට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි.

0 Comments