තම පියාගේ හදිසි අභාවය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයෙන් ඉවත්වූ ධනංජය ද සිල්වා ඊයේ යළිත් කණ්ඩායම සමග එක්වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.
කොදෙව්වන්ට එරෙහිව නම් කළ 17 දෙනකුගෙන් සමන්විත වූ සංචිතයට ඇතුළත්ව සිටි ඔහු, පියාගේ අභාවය හේතුවෙන් කණ්ඩායම සමග එම සංචාරයට එක්වීමට නොහැකි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා කියා සිටියේ ධනංජය මේ සංචාරයට එක්වීම සඳහා ඊයේ පිටත්ව ගිය බවත්, එසේ වුවද ඔහු ක්‍රීඩා කිරීම සඳහා සුදුසු මානසික හා ශාරීරික යෝග්‍යාතා මට්ටමක සිටීද යන්න පිළිබඳ කණ්ඩායමේ කළමනාකාරිත්වයේ තීරණය මත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවත්ය. තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ 6 වැනිදා ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වෙයි.
2016 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 26 හැවිරිදි ධනංජය ටෙස්ට් තරග 13කදී ශතක 4ක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 1066ක් රැස්කරගෙන සිටී. මේ වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොංහිදී රැස්කළ ලකුණු 173 ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස වාර්තා වෙයි.

0 Comments