අවුරුදු 19න් පහළ ජාතික යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ. ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය දක්වා මේ තනතුර ක්‍රියාත්මක වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති හෂාන් තිලකරත්න මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2 වැනි හා තුන්වැනි මට්ටමේ සුදුසුකම් ඇති පුහුණුකරුවෙකි. පසුගියදා නිමාවට පත්වූ සුපිරි අන්තර් පළාත් තරගාවලියේදී ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළේය.

0 Comments