බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පෝට් ඔෆ් ස්පේන්හි පැවැත්වෙන පළමු පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 453ක දැවැන්ත ඉලක්කයක් හඹායන සංචාරක ශ්‍රී ලංකා පිල සිවුවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 176ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවසන් දිනයේදී කඩුලු 7ක් අතැතිව ලකුණු 277ක් ඉතිරිව තිබිණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුලු 8කට ලකුණු 414ක් ලබාසිටියදී පළමු ඉනිම අත්හිටවූ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 185ක් පමණි.
කොදෙව් පන්දු යවන්නන් හමුවේ මුල් පෙළ පිතිකරුවන් යළිත් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිවුවැනි දිනයට ක්‍රීඩාව නතර කරනවිට නොදැවී ලකුණු 94ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලට යම් බලාපොරොත්තුවක් ඇතිකර තිබිණි.
මෙන්ඩිස් සමගින් ඉනිම ඇරැඹු කුසල් ජනිත් පෙරේරා මුළු ලකුණු 21ක් වෙද්දී ෂැනොන් ගේබ්‍රියල්ගේ ගොදුරක් බවට පත්විය. පළමු ඉනිමේදී ලකුණු ලබාගැනීමට නොහැකිවූ පෙරේරා දෙවැනි ඉනිමේදී රැස්කළේ ලකුණු 12ක් පමණි. මුළු ලකුණු 49ක් වෙද්දී නායක දිනේෂ් චන්දිමාල් තුවාල ලැබීම හේතුවෙන් ලකුණු 15කට පිටියෙන් ඉවත්වූ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ලකුණු 31කට සීමාකිරීමට ජේසන් හෝල්ඩර් සමත්වූයේ ලකුණු 123ක් වෙද්දීය. මෙන්ඩිස්-මැතිව්ස් දෙවැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් පිහිටුවීය. පන්දු යැවූ ඩෙවෙන්ද්‍ර බිෂූ විසින්ම උඩ පන්දුවක් රැක ගැනීමෙන් පළමු ඉනිමේදී ලකුණු 5කට සීමාවූ රොෂේන් සිල්වාගේ දෙවැනි ඉනිම ලකුණු 14කින් නතර කිරීමට සමත් වූයේ තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 52ක සබඳතාව නිමා කරමිනි.
සිවුවැනි දිනය නිමාවනවිට සැදෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි ළහිරු ගමගේ ලකුණු නොලබා සිටියේය.
පෙරේදා (9) සිය ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකය රැස්කළ කුසල් මෙන්ඩිස් ලකුණු 94ක් ලබා සිටියේ පන්දු 186කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් සවිමත්ව තිබිණි.
පෙරේදා දිවා විවේකයෙන් සුළු මොහොතකට පසු කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී සත්කාරක කොදෙව්වෝ දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.
කීරන් පවෙල් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 127කින් ලකුණු 88ක් රැස්කරමින් කොදෙව් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පළමු ඉනිමේ කඩුලු 4ක් බිඳ දැමූ ළහිරු කුමාර දෙවැනි ඉනිමේ කොදෙව් පිතිකරුවන් තිදෙනකු ගොදුරු බවට පත්කරගත් අතර රංගන හේරත් කඩුලු 2ක්ද, සුරංග ලක්මාල් හා ඩිල්රුවන් පෙරේරා කඩුල්ලක් බැගින්ද බිඳ දැමූහ.
කොදෙව් පළමු ඉනිම - 414/8යි. ඉනිම අත්හිටුවන ලදි. ෂේන් ඩොව්රිච් නොදැවී 125 (ළහිරු කුමාර 95/4) සහ දෙවැනි ඉනිම - 223/7යි. ඉනිම අත්හිටුවන ලදි. කීරන් පවෙල් 88 (ළහිරු කුමාර 40/3)
ශ්‍රී ලංකා පළමු ඉනිම - 185යි. (මිගුවල් කුමින්ස් 39/3) සහ දෙවැනි ඉනිම - 176/3යි. (ඕවර 53.4) කුසල් මෙන්ඩිස් නොදැවී 95

0 Comments