මීටර 800 වත්මන් ජාතික ශූර ඉඳුනිල් හේරත් එම ඉසව්වේ වසර 25ක් පැරණි නව ජාතික වාර්තාවක් පිහිටුවයි. ඉදුනිල් හේරත් දැනට කෙන්යාවේ පුහුණුව ලබමින් සිටින අතර එහිදී පැවැති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියකදී ඔහු විසින් විනාඩි 1:47.13කින් මේ දක්ෂතාව ප්‍රදර්ශනය කරන ලදී. වසර 1993දී රංජිත් සුබසිංහ විසින් විනාඩි 1:47.56ක කාලයකින් මෙහි පැරණි වාර්තාව පිහිටුවා තිබූණි.
කෙන්යා ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 රන් පදක්කම කෙන්යාවේ තිමෝත් චෙරිමෝට් විනාඩි 1:44.74කින් දිනා ගනිද්දී ඉදුනිල් හේරත් රිදී පදක්කම දිනා ගත්තේය. එහි ලෝකඩ පදක්කම කෙන්යාවේ සිලාස් කිප්ලෑකෑට් විනාඩි 1:47.56කින් සතුකර ගත්තේය.
කෙන්යාවේ සිට පුහුණුව නිමවා ලබන මස 15වැනිදා ඉදුනිල් හේරත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම්වීමේ අරමුණින් පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ වනවිට ඉදුනිල් හේරත් මීටර් 800 ඉසව්වේ දක්වන දක්ෂතා අනුව ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගැනීමේ හැකියාව ඇතැයි පුහුණුකරු රත්නකුමාර මහතා ‘දිනමිණ’ ට පැවැසීය. කෙන්යාවේ ලොව දසතින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණුව ලබන අතර ඔවුන්ට විශේෂඥ පුහුණුකරුවන්ගේ සහය හිමි තිබේ.

0 Comments