Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති කුසලාන පාසල් රග්බිසාන්ත ජෝශප් අවසන් පූර්ව වටයට

Author(s): 
ෆවුස් මොහොමඩ්

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගයෙන් කුරුණෑගල මලියදේව විදුහල් පිල ලකුණු 45-17කින් පරාජය කළ පසුගිය වසරේ ශූරතාව දිනූ මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 28-7කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය පුරා ගෝල් 5ක් සහ උත්සාහක දිනුම් 2ක් වාර්තා කිරීමට සමත්වූ අතර මලියදේව විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකක් පමණි

තරගයේ සිවුවැනි මිනිත්තුවේදී උදීෂ පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ සංතූෂ් අල්ගම සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7-0කින් ඉදිරියට ගෙන ගිය අතර 13 වැනි මිනිත්තුවේදී මලියදේව විදුහල් පිලේ සංජූ හේරත් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ඉෂාර හේරත් ලකුණු සංඛ්‍යාව 7-7ක් ලෙස සමකළේය.

අනතුරුව ඊට මිනිත්තු 7කට පසුව ජෝන් ගනේගොඩ විශිෂ්ට උත්සාහක දිනුමක් තබමින් සාන්ත ජෝශප් විදුහල් පිලට ලකුණු 14-7ක් ලෙස පෙරමුණ ගෙනදීමට සමත්වූයේ එය අල්ගම විසින් ගෝලයක් බවට පත් කිරීමෙනි. සාන්ත ජෝශප් විදුහල් පිලේ සුපිරි ක්‍රීඩක ගැමුණු චේතිය 32 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුමත්, පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර ඉමේෂ් ධනංජය තැබූ උත්සාහක දිනුමත් ගෝල බවට පත් කළ අල්ගම සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 28-7කින් ඉදිරියට ගෙන ගියේ ප්‍රතිවාදී පිල දැඩි පීඩනයකට හසු කරමිනි.

දෙවැනි භාගයේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට ජෝන් ගනේගොඩ සමත්වීමෙන් සාන්ත ජෝශප් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 33ක් ලෙස ඉහළ ගියේය. එය ගෝලයක් බවට පත් කිරීමට අල්ගම අසමත්වූවත් ඊට මිනිත්තු කිහිපයකට පසුව නෙහාන් පෙරේරා තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට අල්ගම සමත්විය. සාන්ත ජෝශප් පිලේ ක්‍රීඩකයන් හමුවේ දැඩි පීඩනයකට හසුවී සිටි මලියදේව පිල ඉන් ගොඩගත් සංජූ හේරත් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සමත්වූ අතර ඊට මොහොතකට පසුව ඩිල්ෂාන් අතපත්තු ද උත්සාහක දිනුමක් තැබීමෙන් මලියදේව විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේය. මේ උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කිරීමට ඉෂාර හේරත් සමත්වූයේ නැත. සාන්ත ජෝශප් විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු වූයේ තරිඳු මධුරංග තැබූ උත්සාහක දිනුමෙනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();