Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෝනිගේ කණ්ඩායම තෙවැනි වරටත් අයි.පී.එල්. ශූරයෝ වෙති

 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තෙවැනි වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මින් පෙර චෙන්නායි පිල 2010 සහ 2011 වසර වලදී පිට පිට මේ ශූරතාව දිනාගත් අතර එම දෙවසරේදීම කණ්ඩායම මෙහෙයවූයේ මහේන්ද්‍ර සිං දෝනි විසිනි.

මුම්බායිහිදී පැවැති අවසන් මහා තරගයේ ඔවුන් හමුවේ කේන් විලියම්සන් නායකත්වය ලබාදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු 179ක ඉලක්කය පන්දු 9ක් ඉතිරිව තිබියදී සපුරාගත් චෙන්නායි කණ්ඩායමට අහිමිවූයේ කඩුලු 2ක් පමණි.

චෙන්නායි ජයග්‍රහණය කරා ගෙන යමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් ඉනිම නිමාවනතෙක් නොදැවී පිටියේ රැදී සිටියේ ලකුණු 117ක් රැස් කරමිනි. හතරේ පහර 11කින් සහ හයේ පහර 8කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 57ක් පමණි. ඔහු, සුරේෂ් රයිනා සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 57කින් ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගුවේය. රයිනා පන්දු 24කින් ලකුණු 32ක් ඉනිමට එක් කළේය.

පන්දු 36කදී හතරේ පහර පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 47ක් රැස්කළ කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. යූසෆ් පතාන් වේගවත් ඉනිමක් දියත් කරමින් වේගවත් ලකුණු 45ක් ඉනිමට එක්කළේ පන්දු 25කිනි.

හයිද්‍රාබාද් - 178/6 (ඕවර 20) කේන් විලියම්සන් 47, යූසෆ් පතන් නොදැවී 45, ශිකර් ධවාන් 26, සකීබ් අල් හසන් 23, කාර්ලෝස් බ්‍රැත්වේට් 21

චෙන්නායි - 181/2 (ඕවර 18.3) ෂේන් වොට්සන් නොදැවී 117, සුරේෂ් රයිනා 32

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();