Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුනිල් ජයවීරගේ මලල ක්‍රීඩා තරග නීති 2018 – 2019 පොත එළිදකී

Author(s): 
වර්නන් ගුණසේකර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයේ අතිදක්ෂයෙකු වන අධ්‍යාපන ඇමැතිවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති සුනිල් ජයවීර මහතා ‘මලල ක්‍රීඩා තරග නීති 2018 – 2019‘ මැයෙන් අගනා පොතක් පළකර තිබේ.

ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා හිටපු ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක පී.එල්.එස්.සැම්සන් මහතා සමග එක්ව ලියන ලද මේ ‘මලල ක්‍රීඩා තරග නීති 2018 – 2019’ පොත එළිදැක්වීම කොළඹ පාපන්දු නිවහනේදී පසුගියදා සිදු කෙරිණි.

මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් තිබූ මලල ක්‍රීඩා නීති සරල සිංහල භාෂාවෙන් කාටත් තේරුම් ගත හැකි පරිදි මේ පොතෙන් ඉදිරිපත් කිරීමට ‘සුනිල් ජයවීර - පී.එල්.එස්.සැම්සන්’ සුසංයෝගය සමත්ව සිටී.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග, මලල ක්‍රීඩා තරග සඳහා නීති, ධාවන තරග (කඩුලු පැනීම, ස්ටීපල්චේස්), සහාය තරග, පිටිය ඉසව් (සිරස් පැනීම, උස පැනීම, රිටි පැනීම), තිරස් පැනීම (දුර පැනීම, තුන් පිම්ම), විසි කිරීමේ ඉසව් (යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම), ප්‍රයාම තරග, ඇවිදීමේ තරග, මාර්ග ධාවන තරග, රට හරහා දිවීමේ තරග, කඳු ධාවන තරග, ට්රේල් ධාවන තරග, ලෝක වාර්තා, නිලධාරීන්, තාක්ෂණික දත්ත හා වට සැකසීමේ වගු - ධාවන පථ තරග පිළිබඳ නීති මේ පොතෙන් ඉතාමත් අගනා අයුරින් විස්තර කර තිබේ.

මලල ක්‍රීඩයන්, පුහුණුකරුවන්, විනිශ්චයකරුවන්, ක්‍රීඩා ගුරුවරුන්ට මෙන්ම මලල ක්‍රීඩා විනිසුරුවන් තේරීමේ විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහාද මේ පොත මහත් පිටුවහලක් වනු ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();