ඉදිරි වසර හතර තුළදී සූර්ය බලශක්තිය ඇතුළු පුනර්නජනනීය බලශක්තියෙන් මෙගාවොට් 1000ක ප්‍රමාණක් විදුලිය උත්පාදනය කිරිමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.
2020 වන විට සූර්ය බලයෙන් මෙගාවොට් 200ක් නිපදවීමට ඉලක්ක කර තිබූ අතර, මේ වන විට මෙගාවොට් 150ක් සූරිය බලයෙන් උත්පාදනය කර අතර මේ වසර අවසානය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.
2050 වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් ස්වංපෝෂිත රටක් බවට පත්කිරීමේ මූලික වැඩපිළිවෙළ රජයක් හැටියට දමා තිබෙන බවත් මෙයින් විශාල මුදලක් රටට ඉතිරිකර ගත හැකි බවත් පෙරේරා මහතා කියා සිටියේය.
අයි ටී එන් ආයතනයේ මැදිරි සංකීර්ණයක් සූර්ය බලශයෙන් බලගැන්වීම සඳහා ඊයේ (11) පැවැති උත්සවයට එක්වෙමින් එසේ කී අජිත් පෙරේරා මහතා රාජ්‍ය ආයතන සියල්ල සූර්ය බලයෙන් බලගැන්වීම රජයේ ප්‍රතිපත්තිය බවද පෙන්වා දුන්නේය.
ඒ සඳහා 2016 වසෙර් අයවැය මඟින් ප්‍රකාශ කර ඇති අතර, ඊට අදාළ උපදෙස් ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවද පෙන්වා දුන් ඇමැතිවරයා මේ වන විට සමහර රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීම සිදු කර තිබෙන බවද කීය.
මාධ්‍ය ආයතනයක් හැටියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පළමුවරට සූර්ය බලශක්තියෙන් බලගැන්වීම සිදු කර ඇති අතර, අනෙකුත් ආයතනද සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමෙන් විශාල ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගත හැකි බවද හෙතෙම කීය.
සූර්ය බල ශක්ති පද්ධතිය සදහා යොමු වූ පළමු මාධ්‍ය ආයතනය බවට ITN මාධ්‍ය ජාලය පත්වූ අතර, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදුවිය.
කිලෝවොට් සියයක සූර්ය බල විදුලි පද්ධතියකක් ස්ථාපිත කරමින් පළමු අදියරේදී ITN මාධ්‍ය ජාලයේ දිවා කල විදුලි පරිභෝජනයෙන් සියයට දහයක් ආවරණය කිරීමටයි සැලසුම් කර ඇත. ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දහඅටයි දශම පහකි. සූර්ය බල පද්ධතිය ස්ථාපිත කිරීම සහා අබාන්ස් ආයතන සමග ගිවිසුමකට එළඹ ඇත. නවීන උපකරණ සහ උපාංග යොදා ගනිමින් කාර්යක්ෂම බල පද්ධතියක් ස්ථාපිත කිරීමට ඒ අනුව කටයුතු කෙරුණි.
අඛණ්ඩව වසර 10 ක් ස්ලිම් නිල්සන් සම්මානයෙන් පිදුම් ලැබූ අටපට්ටම වැඩසටහන ගෙන ඒමේදී ITN වෙනුවෙන් ඉටු කළ මෙහෙය අගයමින් ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට විශේෂ තිළිණයක් පිරිනැමීම ද මෙහිදී සිදු විය.
අබාන්ස් ආයතනයේ උසස් නිලධාරීන් ද අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙන්ම ඉහළ කළමනාකාරිත්වය ද මෙම අවස්ථාවට සහභාගි වුහ
ඡායාරූප - සිරිපාල හල්වල
0 Comments