බෞද්ධ දර්ශනය මත පදනම් වූ රටක් ලෙස අප ඈත අතීතයේ සිටම කළට වැසි ලැබී අස්වනු සරු වී ජනතාව ඉන් සතුටට පත්වනු දැකීම අපේක්ෂා කළා.රටේ අස්වනු සරුවීම සදහා රට කරවන රජය දැහැමි විය යුතුයි.ධාර්මිකත්වය ඉන් දුරස් නොවිය යුතුය.මේ ආකාරයට වෙහෙර විහාරස්ථාන කරා මුදල් ලබා දෙමින් ඒවා සංවර්ධනය කිරීමම පමණක් නොව අපේ අනාගත පරපුර ගුණ දහමින් පෝෂණය කර නිසි මග යැවීම සිදු කළ යුතුයි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති.
ශ්‍රි දළදා මාළිගාව මගින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ 1200ක් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරමින් උන්වහන්සේ මේ බැව් කීහ.
ත්‍රස්තවාදී සමයෙහි විනාශයට පත්වූ විහාරස්ථාන ඇතුඵ එම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 144 ක් සංවර්ධනය සදහා මෙම මූල්‍යමය අධාර බෙදා දීම සිදු කෙරේ.
මල්වතු අස්ගිරි මහා නාහිමවරුන් අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑළ මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී දළදා මාළිගාවේ අරමුදලින් මෙම වැඩපිලිවෙළ
ක්‍රියාවට නැංවේ.
ගෝමරන්කඩවල ශ්‍රී රන් පොකුණුගම රජ මහා විහාරස්ථානයේදී හා සේරුනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැජවුණු අතර එහිදී උන් වහන්සේ මේ බැව් පැවැසූහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනු නාහිමියෝ මෙසේද කීහ. ඒ සදහා මහා සංඝරත්නයට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා.ඉරිදා දිනවල අපේ මහා සංඝරත්නය ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා ඒත්
මාපියන් දූ දරුවන් එයට වඩා ඒ වෙනුවෙන් කැපවීමක් කළ යුතුය.අපේ මාපියන් සියල්ලන්ගේම පාහේ දරුවන් කෙරෙහි පවතින එකම බලාපොරොත්තුව එක්කෝ වෛද්‍යවරයෙක් නැත්නම්
අම්මා තාත්තා පිළිබද දරුවන්ට හදවතින් දැනෙන සංකල්පයන් නාවොත් දෙමාපියන් දරුවන් වෙනුවෙන් ඉංජිනේරුවෙක් මේ වෙනුවෙන් මාපියන් දරුවන් දක්කගෙන යන්නේ සතුන් දක්කගෙන යනවා වගේ.
මොන ප්‍රයත්නය ගත්තත් වැඩක් නැහැ.ශ්‍රී දළදා මාළිගාවේ දළදා දහම් පාසැළ යනුවෙන්
දහම් පාසැළක් කරනවා ඒ වගේම සිබා විශ්වවිද්‍යාලය යුනුවෙන් ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් කරනවා. එහි විශාල ලෙස විදෙස් තරුණ හාමුදුරුවරු ඇතුඵ පිරිස් සිටිනවා.ඒවයේ ඇයි අපේ දරුවන්ට ඉගන ගන්න බැරි.මේ රටේ පිරිමි අය ඉගන ගන්න එකෙහි අඩුවක් පෙනෙනවා.විශ්ව විද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ගේ සිට අපි මෙය දකිනවා.පාසැල්වල රෝහල්වල
මේ හැම තැනකම වැඩියෙන් සේවය කරන්නේ කාන්තාවන් හැබැයි රෝහල්වල වැඩිපුරම සිටින රෝගීන් පිරිමි අයයි.
අද අධ්‍යපනයක් නැතිව ලෙහෙසියෙන්ම යන්න පුළුවන් පහසුම ස්ථානය මේ රට පාලනය කරන ඉහළම ස්ථානයයි.සාමාන්‍ය පෙළ සමත් නොමැති එකසිය ගණනක් එහි සිටින බැව් අපි පසුගියදා මාධ්‍යයෙන් දැක්කා.අපේ රට කරන තැන මොන තරම් දැනුම් සම්භාරයකින් හෙබි අය සිටිය යුතුද එහෙත් අපි අහන දේ වලින් කළ කිරෙනවා.සිංගප්පූරුවේ සියලු මැති ඇමතිවරුන්ට විශේෂ උපාධි තිබෙනවා.අපට වඩා තුන් ගුණයක් විශාල කාම්බෝජයේ මන්ත්‍රීවරු 125 යි අපේ 225 යි.ධර්මාශෝක පාලන සමයෙහි තිබුණු ප්‍රධාන වචනයක් වනනේ ප්‍රජා යන්නයි ප්‍රජා කියනනේ දරුවා යන්නයි.එසේනම් රටේ පාලකයන් පියවරුය.මේ නිසා රටේ පාලකයන්ගෙන් රට වැසියන්ට මාතෘ පීතෘ සෙනෙහස තිබිය යුතුය.එවිට රට වැසියන් පාලකයන්ටසළකන්නේ මව් පියවරුන්ට ලෙසය.
එදා ශ්‍රී දළදා මාළිගාවට වෙහෙර විහාරස්ථාන වලට විශාල ලෙස ජනයා ඉඩම් පූජා කළා.ඒ ඉඩම් මාළිගාවේ රාජකාරි සඳහා පුදා දුන් පසු එදා තත්ත්වය අනූව ඒවායින් විශාල ආදායමක් මාළිගාවට
ලැබෙන්නේ නැහැ.සමහර ඒවායින් වසරටම ලැබෙන්නේ දෙහි ගෙඩි තුනයි. වත්මන් දියවඩන නිළමේවරයාගේ වැඩපිළිවෙළක් තිබෙනවා ඒ සදහා ජාත්‍යන්තරයේද සහාය ලබා ගන්නවා.දෙස් විදෙස්
බැතිමතුන් සංචාරකයන් විශාල ලෙසින් මාළිගාව වෙත දෛනිකව පැමිණෙනවා.ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළවෙළක් ක්‍රියාත්මක වෙනවා.ගොඩනැගිලි කොතරම් සැදුවත් වැඩක් නැහැ මිනිසා සකස්
නොවුණහොත් අපේ මේ උත්සාහය ඒ වෙනුවෙන්.පන්සල කියන්නේ ගැඹුරු ජීවන දර්ශනයක් තියන තැනක් එය අප අවබෝධ කැර ගත යුතුයි.
මෙහිදි අනුශාසනා කළ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමල ධම්ම හිමියෝ:
ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කැර ගනිමින් සිදු කෙරෙන මෙවන් ශාසනික සේවාවන් අද රට පුරා ක්‍රියාත්මක කෙරෙනවා .ඒ මෙවනි කොයි තරම් යහපත් සේවාවන් කළත් සමහරුන්ට
සමහර කණ්ඩායම් වලට පේනනේ නැහැ.ඒ වගේ තත්ත්වයන් බුදු හිමයන්ගේ කාලයේ පවා තිබුණා. අපේ රටේ ඒ ඒ කාළල වලට තිබෙන විරුද්ධ පක්ෂ වගේ ඒ අයටත් තමන් විපක්ෂයට ගියහම ආණ්ඩුවේ හොද වැඩ පේනනේ නැහැ.ලක්ෂ 1200 වියදමින් මේ ආකාරයට ත්‍රී ණාමල දිස්ත්‍රික්කයේ පන්සල් සංවර්ධනය මෙලෙස සිදු කිරීමේදී සෑම පාර්ශවයක්මඒ සදහා සහය දිය යුතුයි.
මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑළ මහතා මෙහිදී අදහස් දක්වමින්:
මෙම වැඩපිළවෙළ සදහා දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨසයක් මට්ටමින්ම සමීක්ෂයක් කළා.සියලු විහාරස්ථාන පිළිබදව පුලුල් ලෙස සොයා බැලුවා.පසුගිය වසරේ මේ වැඩපිළිවෙළ
දළදා මාළිගාව මගින් වවුනියාවේ දියත් කළා එහිදී විහාරස්ථාන 29 ක් සදහා රුපියල් ලක්ෂ තුන්සියයකට වැඩි මුදලක් වැය කළා.ඒ වගේම මේ දශකය පුරාවට දැවැන්ත සංවර්ධන ක්‍රියාවළියක් දළදා මාළිගාව මගින් ක්‍රියාවට නැන්ංවෙනවා. දළදා මාළිගාව ක්‍රියාවට නංවන ව්‍යාපෘති අතර මෙය අති දැවැන්ත ක්‍රියාවළියකික්.මෙම වැඩපිළවෙළ ඉතා සැළැසුම්ව මෙන්ම විනිවිදභාවයෙන් යුතුවයි ක්‍රියාවට නංවන්නේ.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් එම්.එන්.එන්.ඒ.පුෂ්පකුමාර ,සේරුවිල ප්‍රාදේශිය ලේකම් පි.ආර්.ජයරත්න, ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් චන්දන සමරකෝන්, ශ්‍රී දළදා මාළිගාවේ මහ ලේකම්
සී.ඩබ්ලිව්.කරුණාරත්න, විදේශ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර,මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සම්බන්ධීකාරක ජයම්පතී වැද්දාගල,ප්‍රධාන ගණකාධිකාරි අබේරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
0 Comments