ශ්‍රී ලංකා ගුවන් විදුලිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව විද්‍යා නාලිකාවක් ඇරැඹීම පිළිබඳව සාකච්ඡාවක් ජනමාධ්‍ය විශේෂඥයකු හා ඒ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ විද්වතකු වන විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කඳුරට උරුම පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සමඟ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිඩ්නි ෆාරුක් සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්. ජේ. ආර්. ඩේවිඩ් මහතුන් විසින් පවත්වන ලදි.
එහි දී ඇමැතිවරයා එය කළ යුතු ආකාරයත්, රටට විද්‍යා සංස්කෘතියක අවශ්‍යතාවත් පැහැදිලි කරන ලදි. මේ සාකච්ඡාවේ දී මීට අදාළව ඇමැතිවරයා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය. ඒ අනුව මේ සම්බන්ධව වාර්තාවක් තමා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ද ඇමැතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. ඇමැතිවරයාගේ නව අමාත්‍යාංශය ද විද්‍යා ක්ෂේත්‍රයට බෙහෙවින් සම්බන්ධ එකක් බැවින් රටට දැනෙන යමක් විද්‍යා නාලිකාවක් බිහි කිරීමෙන් කළ හැකි ආකාරයත් මෙහි දී සාකච්ඡාවට භාජනය විය.
0 Comments