පසුගියදා නිමාවුණු අන්තර් පළාත් තරගාවලියේ ඉනිම් දෙකේදීම ශතකයක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්විය.කණ්ඩායමෙන් ඉවත්වීම සහ මෑත කාලයේ දක්ෂතා පිළිබඳව විදෙස් මාධ්‍ය සමඟ පැවති හමුවකදී දික්වැල්ල අදහස් දක්වා ඇති අතරඑහිදි අපූරු තොරතුරු රැසක්ම ඔහු හෙළිකර තිබුනා.
නිදහස් කුසලානයේදී කණ්ඩායමේ තැන අහිමි වීම ගැන දුකක් තිබුනද එසේ වුයේ තමාගේම වරදක් නිසා බව දික්වැල්ල මෙහිදී පවසා තිබුනා.
”ඇත්තටම දුකයි ඒ තරඟාවලියේ මට අවස්තාවක් අහිමි වීම ගැන,හැබැයි එහෙම වුනේ පහුගිය තරඟාවලිවල ප්‍රමාණවත් විදියට මට ලකුණු ගන්න බැරි වුන නිසා,මම බලාපොරොත්තු වෙනවා දේශීය තරඟවල වැඩ පෙන්නලා ඉක්මනට කණ්ඩායමට එන්න.”
ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ සමඟ කණ්ඩායමෙන් ඉවත් කිරීමට තුඩු දුන් හේතු ගැන විමසුවාදයි ඇසු විට දික්වැල්ල පවසා තිබුනේ ඉවත් කිරීමට විශේෂ හේතුවක් නැති බවත් තමන්ගේ පිතිහරම්භයේ අඩුපාඩු නිසා තමාට එසේ සිදු වූ බවත්ය
”ඇත්තටම මම දන්නවා මගෙන් වුන අඩුපාඩු මොනවද කියල.ක්‍රීඩකයන්ට මේ වගේ නරක කාලවල් එන්න පුළුවන්,දැන් මම ඒ දේවල් වලින් ගත්ත පාඩම් එක්ක ඉස්සරහට වැඩ පෙන්නලා කණ්ඩායමේ තැන හදා ගන්න තමයි හිතාගෙන ඉන්නේ.”
ක්‍රීඩා කරන රටාව වෙනස් කිරීමට අදහසක් තිබේදැයි ඇසුවිට දික්වැල්ල පවසා තිබුනේ තමා කුඩා කල සිට පවත්වාගෙන ආ ක්‍රීඩා රටාව වෙනස් කරන්නට තමා අදහස් නොකරන බවය.
”ඇත්තටම මම ක්‍රීඩාකරන රටාව වෙනස් කරන්න නම් මගේ කිසිම අදහසක් නෑ.මොකද ඒ මම පොඩි කාලේ ඉඳල සෙල්ලම් කරපු විදිය.මගේ සැලසුම් තරඟ රටාව ඒ විදියටම තියාගෙන සිදුවුණ අඩුපාඩු හදාගන්න එක ගැන තමයි මම අවධානය යොමු කරලා තියෙන්නේ.මේ තරඟ රටාව තමයි මම මේ තරම් දුරට රැගෙන ආවේ.”
ක්‍රිකට් තරඟ රටාව වෙනස් වන විට ඒ අනුව හැඩ ගැසෙන්නට තමාට හැකියාවක් ඇති බවද දික්වැල්ල පවසා ඇත.
”මට පුළුවන් ඒ තරඟයට අවශ්‍ය විදියට හැඩ ගැහෙන්න,සීමිත පන්දුවාර තරඟවල මම මුල්පෙළ පිතිකරුවෙක් විදියට ඇවිත් කණ්ඩායමට අවශ්‍ය විදියට වේගයෙන් පන්දුවට පහර දෙනවා,ටෙස්ට් තරඟවල තරඟයට ගැලපෙන විදියට මැදපෙළ පිතිකරුවෙක් විදියට සෙල්ලම් කරනවා,වෘත්තීය ක්‍රීඩකයෙක් විදියට ඒ දේවල් වලට හුරු වෙන්න අපිට හැකියාව තියෙන්න ඕන.”
පසුගිය කාලයේ සිදුවීමක් නිසා තමාට ඩික්ස් කුප් පහර එල්ල කිරීම තහනමට ලක්ව තිබු බවද දික්වැල්ල මේ හමුවේදී පවසා තිබිණි.
”අනිත් පහරවල් වගේ නෙවෙයි දික්ස්කුප් පහර ගහන්නේ මුලින් ඒ පහර ගහනවා කියල හිතාගෙන ඉඳල,හැබැයි ඒ පහර පහුගිය කාලේ මම වැඩිය එල්ල කලේ නෑ,ඒ වගේම මට ඒ පහර පුහුණු වෙන්නත් තහනමක් දාල තියෙන්නේ,අප්‍රේල් මාසේ බංගලාදේශ කණ්ඩායම එක්ක තිබුන තරඟාවලියට පුහුණුවීම් කරද්දී මේ පහර පුහුණු වෙන්න ගිහින් මගේ ඇඟිල්ලක් කැඩුනා,ඊට පස්සේ මට ඒ පහර පුහුණු වෙන එකත් තහනම් වුනා.”
The post ” ඩිල්ස් කූප් එකත් ගහන්න තහනම් වුනා” – දික්වැල්ල කට අරියි, රහස් රැසක් එළියට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments