Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුපිරි වැඩ පෙන්වූ විශේෂ බලකායේ අපේ කොල්ලන්ගේ විසිර යෑමේ උළෙල..!

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විසිරයාමේ උළෙල අද (09) පෙරවරුවේ සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් මෙහිදී විසිර ගියහ.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් ද මෙම විසිරයාමේ උත්සවය වර්ණවත් කෙරිණි.

දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරිරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලූතිනන් ඩබ්.එම්.කේ.ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලූතිනන් ඊ.එම්.පී.ඩී. ඒකනායක මහතා මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කෙරුණු අතර, එහි ඔසු උයන නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ටී.යූ මහලේකම් යන මහත්වරුන් ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.










The post සුපිරි වැඩ පෙන්වූ විශේෂ බලකායේ අපේ කොල්ලන්ගේ විසිර යෑමේ උළෙල..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();