Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හුළුගඟගේ ජීවිත 5ක් බිලිගත් ඛේදවාචකයේ කවුරුත් නොදත් කතාව මෙන්න

මෙලෙස මියගොස්‌ තිබුනේ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ෂෙරිලින් ඇන්ඩ්‍රියා බෙන්ස්‌ , 26 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගජන් ශිවනාදන් , මොරටුව රාවතාවත්ත 06 වන පටුමගේ පදිංචි 23 හැවිරිදි ෆාතිමා නුස්‌පා නියාස්‌ සහ ගනේමුල්ල, පහළයාගොඩ පදිංචි 28 හැවිරිදි පෙරුම්බුලි ආරච්චිලාගේ සුසිල් මංජුල, කිරිඳිවැල මැද්දේගම පදිංචි මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර යන පස්‌දෙනායි.

“මංජුල අම්මාට කතා කරලා අපි නාන්නයි හදන්නේ කියලා තියෙනවා”

“මංජුලට උසස්‌ තනතුරක්‌ ලැබෙන්න තිබුණ දවසේ තමයි මේක වු‍ණේ”.

“පුතා වතුරට හරි බයයි. ගඟේ නාන්නේ නෑ. පීල්ලෙන් තමයි නාන්නේ. මම ගිහින් එන්නම් අම්මේ කියලා අම්මටයි තාත්තටයි දෙන්නටම වැඳල ගියේ. මේ ගමේ හැමෝගේම ආදරය දිනා ගෙන හිටපු පුතා අපිව දාලා ගියා”.

“මේ පවුලට හිටපු එකම පිරිමි දරුවා මංජුල. මංජුලට අක්‌කලා දෙන්නයි. එයා වැඩ කළේ දොම්පේ ඇඟලුම් ආයතනයක සම්බන්ධීකරණ නිලධාරි ලෙස උසස්‌ තනතුරක්‌ ලැබෙන්න තිබුණ දවසේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ.

මංජුල ඉගෙන ගත්තේ යාගොඩ ලුම්බිනි විදුහලේ. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියේ බණ්‌ඩාරනායක විදුහලේ. අධ්‍යාපනයට ක්‍රීඩාවට හා සංගීතයට දක්‌ෂයි.

ඒ චාරිකාව ගිහින් එදා දහවල් මංජුල අම්මාට කතා කරලා තියෙනවා. අපි නාන්නයි හදන්නේ කියලා තියෙනවා. ඊට පැයකට විතර පස්‌සේ අම්මා කෝල් කළාට කතා කරලා නැහැ. පසුව අපි සිද්ධිය දැන ගත්තා”

1 3 4

2

5

සිද්දිය පිලිබද වැඩිදුර තොරතුරු

පන්විල, කොස්ගම ප්‍රදේශයේ දී දළුත් ඔයේ දිය නෑමට ගිය හංවැල්ල ඇඟලුම් කම්හලක විධායක ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකු පෙරේදා (7) තද වර්ෂාවත් සමග ගලා ආ සැඩපහරට අසුව ගසාගෙන ගොස් දියේ ගිලී මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තාවෙයි.
මියගිය පිරිසට විධායක නිලධාරිනියන් තිදෙනකු හා නිලධාරීන් දෙදෙනෙකු අයත්ව තිබේ.
දහනව දෙනකුගෙන් යුත් මෙම පිරිස පෙරේදා (7) පෙරවරුවේ
පන්විල කොස්ගම ප්‍රදේශයට පැමිණ ඇති අතර පෙර දින එම ප්‍රදේශයේ නවාතැන් ගත් ඔවුන් එදින පස්වරු 2.00ට පමණ හුළුගගේ
අතු ගංගාවක් වන දළුක් ඔයේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.හංවැල්ල ප්‍රදේශයේ
ඇගලුම් කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ නිලධාරීන් 19 දෙනකු වූ ඔවුන් මෙම විනෝද චාරිකාවට එක්වී ඇත්තේ වාර්ෂික තිවාඩුව නිමිත්තෙනි.
පැවැති වැසි බර කාලගුණය නිසා ඔයට නොබසින ලෙස නවාතැන්පොළ හිමිකරුවන් වරින්වර මෙම පිරිසට අවවාද කර ඇතත් ඔය ඉවුරේ සිට දිය නාන බව පවසා ඔවුන් පිටව ගොස් ඇත.
මෙම සිද්ධිය වන අවස්ථාවේ එම ප්‍රදේශයේ වැහි බර කාලගුණයක් තිබුණ ද වර්ෂාවක්
නොපැවැති බවත් ඔය ආරම්භ කරන හෝර්ටන් තැන්නට ඇතිවූ තද වර්ෂාවත් සමග ඇතිවූ විශාල ජල පහරක් එකවර පහළට ගලා ආ නිසා මෙම අනතුර වන්නට ඇතැයි අසළ සිටි අය පවසති.
දැඩි බෑවුම් සහිත දළුක් ඔයේ එතරම් ජල පහරක් මින් පෙර කිසි දිනක තමන් නොදුටු බැව් එහි වැඩිහිටියෙක් පැවැසීය. එම ජලපහර වෙනදාට වඩා අඩි හතරකට වඩා උස බවද ඔහු කීය.
ජලපහරත් සමග තරුණයන් දෙදෙනකු හා තරුණියන් තිදෙනකු දියමැද පිහිටි විශාල ගලකට

කොටු වූ බවත් සෙසු පිරිස ඔයේ දකුණු ඉවුරට ගොඩවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඔයේ වතුර ටිකෙන් ටික වැඩිවෙද්දී ඔය මැද වූ කළු ගල යටකර තවත් විශාල ජලපහරක් ආ බවත් ගලමැද
කොටුවූ පිරිස එකවර ගසාගෙන ගිය බවත් ඇසින් දුටුවෝ පවසති.

සිද්ධිය වී විනාඩි කීපයක් ඇතුළත එතනට ආ ප්‍රජා පොලිස් ඒකකය ද ප්‍රදේශවාසීන් ද එක්වී පිරිස
බේරාගැනීමට උත්සාහ කර ඇතත් ඔයේ දැඩි ජල පහර ඊට හරස් වූ බව ද පොලිසිය පවසයි. දැඩි බෑවුම සහ විශාල කළුගල් සහිත මෙම ඔයේ ගසාගෙන යද්දී මෙම සිරුරුවලට දැඩි හානි සිදුවී ඇතැයි ද ගම්වාසීහු පවසති. දියේ ගිලුණු පිරිස බේරාගැනීමට ගිය සෙනරත් සිල්වා මෙසේ කීය.
“දිය නාන්න ගිය පිරිසක් ගසාගෙන යන බවට අපව දැනගත්ත ලැබුණා. අපි කට්ටියක් එම ස්ථානයට ගියා. මුලින් කාන්තාවකගේ සිරුරක් හමුවුණා. පස්සේ නැවත ජල පහර වැඩිවුණා. ඊට පස්සේ ජලපහර අඩුවුයාම ඉතිරි සිරුරුත් සොයාගත්තා”
මියගිය පිරිසගේ සිරුරු සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ පහළ ප්‍රදේශයේ
ස්ථාන දෙකක තිබී සිද්ධිය වී පැය දෙකකට පසුව සොයා ගන්නා ලදී.‍ මෙම හුළුගඟේ ඉදිකර ඇති පෞද්ගලික විදුලි බලාගාරයක ජල පිවිසුම් දොරටුව අසල තිබී සිරුරු දෙකක් හමුවී ඇති අතර අනෙක් සිරුරු තුන ඊට මීටර් 500ක් පමණ දුරින් ගල් දෙබොක්කක සිරවී තිබිය දී සොයාගත් බව ප්‍රදේශවාසීහු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ මහනුවර අම්පිටියේ පදිංචි ෂර්ලින් ඇන්ඩ්‍රියා(26), මොරටුවේ පදිංචි ගජනා සිවනාදන් (26).රත්මලානේ පදිංචි පදිචි නුෂාන් නියාස් (27), මංජුල සුසිල් (30) සහ කිරිඳිවැල මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර (28) යන පස් දෙනාය.
පාතදුම්බර උඩගම්පහ කෝරළේ හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මහතා සිද්ධිය වූ
ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයකින් පසුව පස් දෙනාගේ මරණ පරීක්ෂණ පැවැත්වීම මහනුවර රෝහලේ වෛද්‍ය විශේෂඥවරයා වෙත යොමුකරන ලදි. පන්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



from Gossip Lanka News & Video https://ift.tt/2GHZLYw
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();