Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාවක්

 ජාතීන් හා ආගම් අතර සාමය, සංහිදියාව හා මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුනින් ‘උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාව‘ක් පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
 
ප්‍රජා පොලිස් කොට්ඨාසය හා වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඒකාබද්ධව ලබන බ්‍රහස්පතින්දා (19) වව්නියාවෙන් මෙම චාරිකාව ආරම්භ කෙරේ. 
 
උතුරු පළාතේ වව්නියාව හා මන්නාරම පොලිස් කොට්ඨාසවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් 52නෙක් ඊට සහභාගීවේ. 
 
මෙම චාරිකාව ලබන බ්‍රහස්පතින්දා වව්නියාවේ සිට කුරුණෑගල, ගම්පහ, ගාල්ල හා මාතර ප්‍රදේශයන් ඔස්සේ කතරගම දක්වා ගමන් කරනු ලැබේ. 
 
එසේම 20වන සිකුරාදා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් එක්ව කතරගම දේවාලය ආශ්‍රිත විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වී නැවත මහියංගනය, මහනුවර, දඹුල්ල, අනුරාධපුර ප්‍රදේශ හරහා වව්නියාව වෙත පැමිණීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();